Wednesday, 5 August 2026

නෝලන් ගේ ඔඩිසිය හා ග්‍රීසියේ ඉතිහාසය



ක්‍රිස්ටෝපර් නෝලන් ගේ ඔඩිසි සිනමා පටය තවම නැරඹුවේ නැත .  එයට හේතුව එය වඩා හොඳින් නැරඹිය හැක්කේ IMAX 70mm පුළුල් තිරයක් මත විමය .  සාමාන්‍ය ඩිජිටල් සිනමා තිරයකට වඩා 10 ගුණයකටත් වඩා වැඩි පැහැදිලිතාවක් (Resolution) 70mm ෆිල්ම් පටයක් තුළ අඩංගු වේ. එය ආසන්න වශයෙන් 18K අගයකට සමාන වේ.  IMAX කැමරාවලින් රූගත කළ දර්ශන 1.43:1 යන විශාල අනුපාතයෙන් තිරගත වේ. මෙහිදී තිරයේ උඩ සහ යට කළු පටි (Black bars) නැතිව මුළු සිනමා තිරයම දර්ශනයෙන් පිරී යයි. ඩිජිටල් සිනමාවට වඩා ඡායාරූපමය ගුණය , වර්ණවල ස්වාභාවික බව සහ රූපවල තාත්වික බව 70mm ෆිල්ම් මගින් ඉතා ඉහළින් ලබා දෙයි. එවැනි සිනමා ශාලා ලන්ඩනයේම ඇත්තේ දෙකකි .  ඒ දෙකෙහිම ඉදිරි මාසය දක්වා  ප්‍රවේශ පත්‍ර විකිණී අවසානය .  තවත් එකක් මැන්චෙස්ටර් වල ඇත. ඒ  නිසා ඉදිරි මාසයේදී නැරඹීමට සිතා සිටිමි .  මේ කියන්න යන්නේ වෙන කතාවකි .  

ක්‍රිස්ටෝෆර් නෝලන් හෝ වෙනත් නිර්මාණකරුවෙකු පෞරාණික මධ්‍යධරණී/ග්‍රීක පුවත් ආශ්‍රිත නිර්මාණ සඳහා කළු ජාතික හෝ දුඹුරු පැහැති රංගන ශිල්පීන් (උදාහරණයක් ලෙස ලුපිටා න්යොන්ගෝ වැනි) තෝරා ගැනීම හුදෙක් සිනමාත්මක නිදහසක් පමණක් නොව, එහි සැබෑ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පදනමක් ද පවතී.

මෙහිදී මට මතකයට නැගෙන්නේ මා ග්‍රීසියේ ජනතාවට හෙලනික් වරු කියා හැඳින්වීමත් ඔවුන් හෙලස් නැමැති ජන කොට්ඨාශයෙන්  පැවතෙන බවත් මා කලකට පෙර ලියූ බවයි . මා ඇතන්ස් හි කෞතුකාගාරයක කුරේටර් කෙනෙකු සමග සාකච්ඡාවකදී හෙලස් (Hellas නමැති ප්‍රදේශයේ) ජනයා අතර පැවති සබඳතාව පිලිබඳ කතාව ඉස්මතු විය.    පෞරාණික හෙලස් ජනයා සහ ලංකාවේ 'හෙළයන්' හෝ රාවණා පුවත අතර ඇති බැඳීම් වර්තමාන ඓතිහාසික කථිකාවන් තුළ අර්ධ-ප්‍රබන්ධ ලෙස සැලකුවද, පූර්ව-ග්‍රීක  ශිෂ්ටාචාරයන්හි ලෝකය පුරා පැතිරුණු සාගරික සබඳතා පැවති බවට මෙය කදිම තර්කයක් බව ඔහු පැවසුවේය .  අපි දෙදෙනාම එය ප්‍රබන්ධයක් පමණක් වන බවට වූ අදහස ගැන අවබෝධයෙන් සිටියෙමු . 

රසික සුරියආරච්චි මේ පිළිබඳව උපහාසාත්මක සඳහනක් කර තිබූ බව මට මතක් විය .  නමුත් ඔහු  ඇතැන්ස් හි ගතකළ දින තුනක කෙටි සංචාරය තුළින් පෞරාණික මධ්‍යධරණී ඉතිහාසයේ ගැඹුර සොයා ගැනීමට නොහැකි වීම සාධාරණ ය. ඇතැන්ස් හි නතර නොවී අක්‍රෝටිරි (Akrotiri) සහ හෙරක්ලියොන් වැනි මිනෝඅන් ශිෂ්ටාචාරයේ මූලබීජ පැවැති ස්ථානවල සංචාරය කිරීමේදී නිරීක්ෂණය වන ප්‍රධාන කරුණක් වන්නේ, එහි ජීවත් වූ පැරණි වැසියන් සාම්ප්‍රදායිකව හොලිවුඩයේ  පෙන්වන සුදු ජාතිකයන්ට වඩා දුඹුරු පැහැති (දැඩි දුඹුරු පති හෝ ඔලිව් පැහැති) සමක් සහිත මිනිසුන් බවයි. ඒ ගැන ළඟකදී කල කැණීම් වලින් මතුවූ චිත්‍ර සමග මම ග්‍රීක සංචාරය පිළිබඳ  ලිපියකින් පැහැදිලි කලෙමි . -ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය





අප්‍රිකානු මහාද්වීපය සමඟ පැවැති සමීප සාගරික වෙළඳ සබඳතා නිසා උතුරු අප්‍රිකානු ජනගහනයන් ද මෙහි මුසු වී සිටියහ. උපහාසාත්මක සටහන් දුටුවද මා  නිහඬව සිටියේ, මිනෝඅන් ශිෂ්ටාචාරයේ අතීත සාක්ෂි ඊට වඩා සංකීර්ණ බැවිනි. මාලන් රොෂාන් ඔහුගේ ෆේස්බුක් සටහන් වල පෙන්වා දෙන පරිදි, පූර්ව-ග්‍රීක ශිෂ්ටාචාරයේ තිබූ මෙම "හිස්තැන" සහ වර්ණ විවිධත්වය නෝලන් වැනි අධ්‍යක්ෂවරයෙකු නිවැරදිව දැකීම අගය කළ යුතුය.

මෙහිදී යුද්ධ ගැනද යමක් කිව යුතුය .  අක්‍රෝටිරි හි  කෞතුකාගාරයේ ඇති තවත් චිත්‍ර සමුහයක මහා යුද්ධයක් ගැන සිතුවම් තිබේ .  මේ යුද්ධයේ සහභාගී වන ඇතැම් භටයන් අප්‍රිකානු ස්වරූපයක් දරයි . දීර්ඝ ගඟක් දිගේ සේනාවන් රට තුලට කඩා වදී.   තවම මේ ගැන හරි හැටි සොයා බලා නැති නිසා ඒ ගැන යමක් කිව නොහැකිය. මගේ මුල් ලිපියේ මා සඳහන් කලේ එදවස ප්‍රංශ ,  බ්‍රිතාන්‍ය පුරා විද්‍යා ගවේෂකයන් දුඹුරු හෝ කළු පැහැති  ජනයාට  උසස් ශිෂ්ටාචාර තිබු බවට විශ්වාස නොකළ බවයි.    එම ලිපියේ කොටසක් මෙහි අගට අමුණා ඇත . 
රාම  රාවණා යුද්ධයේදී  රාම කුමරුගේ පියකරු බිරිඳ සීතා ලංකා පුරයේ  රාවාණා රජු විසින් පැහැර  ගනී .  ඇත්තටම සිදු වන්නට ඇත්තේ ඇය රාවණා  සමග පැන යාම  බව විය හැකිය . ට්‍රෝජන්  යුද්ධයේදී හෙලන් පැරිස් කුමරු සමග පලා යයි .  නමුත් පසුව ඇගේ  ස්වාමියා වන ස්පර්තා වල රජු මෙලනිවුස් යුධයකින් ඇයව නැවත දින ගනී.  ලංකා පුරය මෙන්ම ට්‍රෝයි නුවරද ගිනි බත් වෙයි . ඒ කාලයේ ක්‍රීටයේ හෝ  කොහේ හෝ පැවති යුද්ධයක තොරතුරු අනුසාරයෙන් වාල්මිකී හා හෝමර් තමන්ගේ ප්‍රබන්ධ කාව්‍යයන් ලියන්නට ඉඩක් ඇත.  









අතීත මධ්‍යධරණී ශිෂ්ටාචාර යනු තනි ජාතියකට හෝ වර්ණයකට සීමා වූ එකක් නොවේ. එබැවින් අක්‍රෝටිරි හි පැහැදිලිව පෙනෙන දුඹුරු පැහැති මිනිසුන්ගේ අතීත උරුමය සිනමාවට නැඟීමේදී නෝලන් ගත් තීරණය ඓතිහාසික හිස්තැන් නිවැරදිව තේරුම් ගනිමින් තැබූ සාර්ථක පියවරකි.

ක්‍රිස්ටෝෆර් නෝලන් ඔහුගේ ඉදිරි චිත්‍රපටයේ පැරණි ග්‍රීක සහ මධ්‍යධරණී ආශ්‍රිත ඉතිහාසය හෝ සාහිත්‍ය නිර්මාණ (උදාහරණයක් ලෙස ද ඔඩිසි  ) ප්‍රතිනිර්මාණය කිරීමේදී ප්‍රධාන චරිත සඳහා කළු ජාතික රංගන ශිල්පීන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම සාධාරණීකරණය කළ හැකි තීරණයකි. මධ්‍යධරණී කලාපයේ පැරණි ශිෂ්ටාචාරයන්හි හිස්තැන් සහ මිනෝඅන් (Minoan) යුගයේ නටබුන් දෙස බලන විට, මෙම තීරණය පිටුපස සැබෑ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පදනමක් ඇති බව පැහැදිලි වේ.

මිනෝඅන් ශිෂ්ටාචාරයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ සැන්ටොරිනි හි අක්‍රෝටිරි  හි සොයාගත් පුරාවිද්‍යාත්මක බිත්ති සිතුවම් (Frescoes) පරීක්ෂා කිරීමේදී, එහි ජීවත් වූ පැරණි වැසියන් පැහැපත් යුරෝපීයයන්ට වඩා දුඹුරු පැහැති සමක් සහිත මිනිසුන් බව පෙනී යයි. එමෙන්ම, අප්‍රිකානු මහාද්වීපය සමග පැවති සමීප සාගරික වෙළඳ සබඳතා නිසා උතුරු අප්‍රිකානු ජනගහනයන් මධ්‍යධරණී ප්‍රදේශයන්හි බහුලව මුසු වී සිටියහ. නෝලන් මෙහිදී සිදුකර ඇත්තේ සාම්ප්‍රදායික හෝලිවුඩ් "යුරෝපීයකරණය"  වෙනුවට, එම ආදී ශිෂ්ටාචාරවල තිබූ සැබෑ විවිධත්වය සහ වර්ණපාලනය තිරයට නැඟීමයි.

ඇතැන්ස් හි කෞතුකාගාර කුරේටර්වරයා පැවසූ පරිදි, ආදී හෙලස් (Hellas) ජනයා සහ පෙරදිග (ලංකාවේ හෙළයන්) අතර පැවති සාගරික සබඳතාවල තර්කය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැක. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ The Greeks and the Mauryas (1971) කෘතියෙන් ද මෙබඳු සබඳතාවල ඓතිහාසික පසුබිම සාකච්ඡා කෙරේ. (පිටු 1 -128)

පැරණි සිංහල සෙල්ලිපි අතර කුඩා අකුරින් පසුකාලීනව ලියන ලද බව පැවසෙන අන්තරේඛීය  අක්ෂර සහිත සෙල්ලිපි පදනම් කරගෙන පරණවිතාන මහතා ලංකාව සහ ග්‍රීකයන් (යවනයන්) අතර සබඳතා විස්තර කළේය.

බුද්ධප්පිය හිමියන්ට අයත් යැයි සඳහන් පාඨයක්  මගින් අනුරාධපුරයේ බටහිර දොරටුව ආසන්නයේ පැවති යවන ජනපදය (යෝනවිසාහ) සහ පණ්ඩුකාභය රජ සමයේ සිට පැවති ග්‍රීක සබඳතා දක්වා -ක්‍රි.පූ. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 5 වන සියවස දක්වා  ලංකාව හා ග්‍රීසිය අතර පැවති සබඳතා පරණවිතාන මහතා පෙන්වා දුන්නේය.

මහාචාර්ය ඒ.ඩබ්ලිව්.පී. ගුරුගේ සහ මහාචාර්ය කේ. ඉන්ද්‍රපාල වැනි පසුකාලීන විද්වතුන් මෙම අන්තරේඛීය සෙල්ලිපි පරණවිතාන මහතාගේ පෞද්ගලික නිගමන ලෙස විවේචනය කළ ද, පැරණි ලෝකයේ පැවති නාවික සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳ කථිකාව මෙයින් නතර වන්නේ නැත.

පරණවිතාන මහතාගේ මතයට අනුව මෙවැනි කාල පරාසයක ලංකාව හා ග්‍රීසිය අතර සබඳතා පවතී බව  සඳහන් වේ .  

  • ක්‍රි.පූ. 4 වන සිට 3 වන සියවස දක්වා: අනුරාධපුර රාජධානියේ ආරම්භක යුගයේ (පණ්ඩුකාභය රජ සමයේ) සහ චන්ද්‍රගුප්ත හා අශෝක අධිරාජ්‍යයන්ගේ මෞර්ය යුගයේ සිදු වූ මුල්කාලීන සබඳතා.
  • ක්‍රි.පූ. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 1 වන සියවස දක්වා: වයඹදිග ඉන්දියාවේ පැවති ඉන්දු-ග්‍රීක රාජ්‍යයන්ගේ ස්වර්ණමය යුගයේ සහ මධ්‍යධරණී සාගරික වෙළඳ සබඳතා පැවති සමයේ සිදු වූ ගනුදෙනු.
  • ක්‍රි.ව. 5 වන සියවස: මෝරිය වංශික පාලන සමයේ (උදාහරණයක් ලෙස ධාතුසේන රජ සමයේ) සිදු වූ පසුකාලීන සබඳතා.

කෙසේ වෙතත්, ඉතිහාසය යනු ස්ථීර ලෙස එක තැන පවතින ලියවිල්ලක් නොවේ. පරණවිතාන සූරීන්ගේ මතයන්හි පවතින විවාදශීලී බව මෙන්ම, මධ්‍යධරණී මිනෝඅන් ශිෂ්ටාචාරයේ අප්‍රිකානු හා ආසියානු මුසු වීම් ද පෙන්නුම් කරන්නේ පූර්ව-සමාජයන්හි පැවති සංකීර්ණ සබඳතාවල හිස්තැන් ය.

ලූපිටා න්යොන්ගෝ වැනි පෞරුෂයකින් හෙලන්ගේ හෝ මධ්‍යධරණී චරිතයක් නිරූපණය කිරීමට නෝලන් ගත් තීරණය, හුදෙක් සිනමාත්මක නිදහසක් නොවේ; එය අතීත ශිෂ්ටාචාරවල පැවති මෙම අප්‍රකට, අඳුරු පැහැති සම ඇති මිනිසුන්ගේ  ශිෂ්ටාචාර විසින් තැබූ නියම අතීත සටහන් වල  හිස්තැන් පුරවාලීමට තැබූ සාර්ථක පියවරකි.



මා හට ලිවීමට අමතකවූ දෙයක් පසුව එකතු කලෙමි .  ඉහත ඇත්තේ ක්‍රිට් දුපතේ මිනොඅන් ශිෂ්ටාචාරයේ තවත් අභිරහසකි .  පින්තුරයේ ඇත්තේ ලිනෙයර්  ඒ භාෂාවේ  අක්ෂරය .  ඒවා ග්‍රීසියේ සිහිවටන ලෙස මිලදී ගන්නට තිබේ .   ලිනෙයර්  ඒ (Linear A) නමින් හඳුන්වන පුරාණ  අක්ෂර සහිත භාෂාව තවමත් කිසිවෙකුට කියවා ගත නොහැකිය. මෙය  ක්‍රිස්තු පූර්ව  1800 ඊට 1450 දක්වා කාලයක භාවිතා කල බසකි .  මෙහි වැදගත්ම දෙය මෙයයි.  ග්‍රීක පුරා  විද්‍යාඥයන් විසින් ලිනෙයර්  බී  නමැති අක්ෂර මාලාවෙන්  ශබ්ද වර නැගුවද එහිදී ග්‍රීක බස තියා ලොව කිසිම  තැනක කතා නොකළ කිසිදු මූලයක් නොමැති හඳුනා ගත නොහැකි භාෂාවක් බව පෙනී යයි. එසේම රොසෙටා ගල (Rosetta Stone) භාවිතයෙන් විකේතනය කරන ලද ඊජිප්තු හයිරොග්ලිෆ් මෙන් නොව,  ලිනෙයර්  ඒ සහ  දන්නා වෙනත් භාෂාවක් අඩංගු කිසිදු ද්විභාෂා සෙල්ලිපියක් මෙතෙක් හමු වී නොමැත.
බොහෝ තනි සංකේත, 1952 දී ග්‍රීක් භාෂාවේ මුල් ස්වරූපයක් ලෙස සාර්ථකව විකේතනය කරන ලද පසුකාලීන ලිනෙයර් බී  අක්ෂර මාලාවට සමාන වේ.පර්යේෂකයන් එම සන්දර්භය ඇසුරින් දශම සංඛ්‍යා ක්‍රමය, භාග සංඛ්‍යා මෙන්ම විවිධ වෙළඳ භාණ්ඩ, ස්ථාන සහ දෙවිවරුන්ගේ නම් සාර්ථකව කියවා ඇත. නමුත් භාෂාව දන්නේ නැත . එනිසා මිනොඅන් වරුන් ගෙන් වත්මන් ග්‍රීක භාෂාව නිර්මාණය වුවද  ඔවුන් වත්මන් ග්රිකයන්ට  සමාන බවක් නොදක්වයි.






https://en.wikipedia.org/wiki/Linear_A

අක්‍රොපොලිස් , පාතිනොන් සහ ග්‍රීක අගෝරාව - ග්‍රීසියේ සංචාරය  1

ඩෙලොස් දූපතේ සවාරිය - ග්‍රීසියේ  සංචාරය 3

ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය
සියලුම පින්තුර මා විසින් ගත් ඒවාය.

අජිත් ධර්මකීර්ති 06/08/2026
ප . ලි: සෙනරත් පරණවිතාන මහතා ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම ශිලාලේඛනඥයෙකු වුවද, ඔහුගේ පසුකාලීන කෘති වන Ceylon and Malaysia (1966), The Greeks and the Mauryas (1971), සහ The Story of Sigiri (1972) යන ග්‍රන්ථවල සඳහන් "අන්තරේඛීය සෙල්ලිපි" පිළිබඳ මතයන් දැඩි අධ්‍යයනයට සහ විවේචනයට ලක් විය. මහාචාර්ය ඒ.ඩබ්ලිව්.පී. ගුරුගේ සහ මහාචාර්ය කේ. ඉන්ද්‍රපාල වැනි පසුකාලීන විද්වතුන්ට මෙම අන්තරේඛීය අක්ෂර අදාළ ගල්පුවරුවල සොයා ගැනීමට නොහැකි වූ අතර, මේවා සැබෑ ඓතිහාසික සෙල්ලිපි නොව පරණවිතාන මහතාගේ පෞද්ගලික නිගමනයන් බවට ඔවුන්  නිගමනය කළහ.


මේ ශිෂ්ටාචාර ගොඩ නැගුවන් සුදු මිනිසුන් නොවේ. දුඹුරු හෝ අඳුරු පැහැ  මිනිසුන් වර්ගයකි. ඔවුන් ඊජිප්තුවන් ට එතරම් සමාන කමක් දක්වන්නේද නැත. මේ කරුණ ඉතා වැදගත්ය. මේ පුරාවිද්‍යා නටබුන් සොයාගත් ඉංග්‍රීසි ජාතිකයාගේ පටන් එහි කැණීම් කළ ප්‍රන්ශුවන් සහ ජර්මන් වරුන්ට සුදු නොවන ජාතියක දියුණු ශිෂ්ටාචාරයක් ගැන මුලදී සිතා ගැනීමට නොහැකි විය.  ක්‍රීට දූපතේ සහඒජියන් මුහුදේ දූපත්වල ශිෂ්ටාචාරය පිලිබඳ නටබුන් මුලින්ම සොයාගත්තේ ආතර් එවන්ස් නමැති ඉංග්‍රීසි නයිට්වරයාය.මිනොඅන් වරුන්ගේ විශාල මාලිගා, තනි කාමරයේ නිවාස වල  ජිවත්වූ ග්‍රීකයන්ට  අදහාගත නොහැකි විය. එනිසා ඔවුන් වංකගිරියක ජිවත්වූ මිනොටවුර් නමැති අද්භූත සතාගේ කතාවක් මවා  තමන්ගේ ක්‍රීට වීරයෙකු වන තිසියස්  එම සතා මරා දමා වැසියන් බේරා ගත් බවට ප්‍රබන්ධ කතාවක් ගොඩ නැගුහ. පළ කර ඇත්තේ  ක්නොසස්  නමැති පෙදෙසේ විශාල  මිනොඅන්  මාළිගාවේ පුරාවිද්‍යාත්මක නටබුන් වල මා ගත් පින්තූරය.  

ග්‍රීක දේව  කතා බැහැර කළ  යුරෝපීයයන් ඉන්දු යුරෝපීය ශිෂ්ටාචාරයක්  මගින් මෙය ගොඩ නැගු බවට සැක පහල කළහ.  විල්හෙල්ම් ගයිගර් සහ තවත් නාසි ජර්මනියට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සහ ටිබෙටයට පැමිණියේ මේ ගැන තව දුරටත්  සොයා බැලීමටය. එසේම බ්‍රිතාන්‍ය සහ තවත් ප්‍රංශ කණ්ඩායම් ගියේ ඉන්දියාවටය. හිට්ලර්ට අවශ්‍ය වූයේ ඔහුගේ පිරිසිදු ආර්ය මූලයන් ජනතාවක් පිළිබඳ  අදහසට ඉන්දියාවෙන් සාක්ෂි සෙවීමටය.  ඔවුන්ටද හිට්ලර් ටද වැරදුනු තැනක් තිබේ.

ඔවුන්ට වැරදුනේ ලපිස් ලද්සුලි නමැති නිල්  පැහැති පාෂාණය ගැන සෙවීම නිසාය. එම පාෂාණය ලැබෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ බඩක්ෂන් ප්‍රන්තයෙනි . මෝහන්ජදරෝ හරප්පා නමැති ක්‍රි.පූර්ව  4000-3500  තිබුණු ඉන්දු නිම්න ශිෂ්ටචාරයේද පාරාවෝ වරුන් රජකළ ඊජිප්තුවේද  මෙම පාෂාණය ආභරණ  සැදීමට, මාළිගාවල  සහ ආරාම වල විසිතුරු කිරිමට  භාවිතා කරන ලදී. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය , ඉන්දු යුරෝපිය එකක් ලෙස සැලකෙන නිසා එම ශිෂ්ටාචාරය ආර්ය ලෙස නම් කල නිසාත්  ආර්ය වරුන් මිනොඅන් ශිෂ්ටාචාරය ගොඩ නැගු බවට මිත්‍යා මතයක් ගොඩ නැගුණි. ඉහත  කී පුරා  විද්‍යාඥයන් ලංකාවට, ඉන්දියාවට  හා ටිබෙටයට පුරා විද්‍යා පර්යේෂණයන්  ආවේ ගියේ එහෙයිනි. 

ඉන්පසු පැමිණි දෙවන ලෝක යුද්ධය නිසා ආර්ය සංකල්පය මිහිදන් වූ අතර ඉතිහාසය වැළලී ගියේය. ග්‍රීක දුපත් වලට හා මිනොඅන් ශිෂ්ටාචාරය සොයා ගිය  තවත් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණියහ. මම අධි මානසික විද්‍යාවන් ගැන ලියූ ලිපි පෙලේ පරම විඥාණාර්ථ සංගමයට අදාළව  මේ තැනැත්තිය ගැන ලියා තිබේ. ඒ ජර්මන් සම්භවයක් ඇති රැසියානු ආදිපාදවරියක වූ  යෙලේනා පෙට්‍රොව්නා බ්ලවට්ස්කි ගැනය. ඇය, කර්නල් ඕල්කොට් සමග ශ්‍රී ලංකාවේ  බෞද්ධ පාසැල් පිහිටුවිමටද  පුරෝගාමී වූවාය.  බ්‍රිතාන්‍ය පාලනය ඇයට මෙන්ම ජර්මන් වරුන්ටද ඔවුන්ගේ පර්යේෂණය කිරීමට අවසර දුන්නේ නැත. ඇයද ඒ දිනවල ජනප්‍රියව තිබූ ආර්ය කතාව විශ්වාස කළ බවට පිළි ගත හැකිය.  බ්ලවැට්ස්කි ගැන  ලියුවේ මම  අධිමානසික විද්‍යාවන් පිලිබඳ 2000 දශකයේ මුල භාගයේ කළ පර්යේෂණයක් සඳහාය. බ්ලවැට්ස්කි ග්‍රීසියට පැමිණ මිනොඅන් ශිෂ්ටාචාරය ගැන සොයා බලා  ලංකාවට ගිය බව දැන  ගැනීමෙන් මට ඇතිවූ මහත් පුදුමයකි.

***********************************************************************

37 comments:

  1. Jagath Pathirana6 August 2026 at 03:00

    යෝන කියන්නේ සෝන
    ඒ කියන්නේ මහසෝනට

    ReplyDelete
  2. මධ්‍යධරණී ඔලිව් පාට හෝ ඊට වඩා දුඹුරු වුනාට කවුරුවත් මොනවත් කියන්නෙ නෑ. උතුරු අප්‍රිකානු පාට වුනත් කමක් නෑ.
    ඒත් නැගෙනහිර අප්‍රිකානු, ලුවෝ ගෝත්‍රික, කෙන්යන් ජාතික ලුපිටා වගේ නිලියක් හෙලන්ට ගත්තාම ඔබ්වියස්ලි නොගැලපෙන ගතියක් තියනවනෙ.
    ඉලියඩ් එකේ වීරයෙක්වෙන කලු අප්‍රිකානු මෙම්නන් ඉන්නව. ඒත් ස්පාටා/ Lacedaemon වල හෙලන් එහෙම වෙනවයි කිව්වාම හුඟක් odd.

    ඔලිව්, දුඹුරු, මිල්ක් කොෆී, චායි, තද දුඹුරු (මිල්ක් චොක්ලට් වුනත්) තනි කලු චාර්කෝල්වලට වඩා වෙනස්නෙ.
    නෝලන්ට රියල් අයිතිහාසික වෙන්න ඕනෙ වුනානම් හොඳයි හැබැයි හැම මගුලම Woke වෙන එක හොලිවුඩ්වල කරන්ට් වසංගතයක් නෙ.
    inclusion හොඳයි but the current reverse-discriminatory, woke, PCnessනරකයි.
    මම වගේ නියුට්‍රල්, ඉතිහාසය, mythology හා සාහිත්‍යය රසවිඳින, කතාව, රඟපෑම සහ ස්මූත් ලෙස යන චිත්‍රපටි නරඹන, චිත්‍රපටිවලින් පණිවුඩ ලැබීමට අකමැති අයට වෝක් jarring.
    වර්තමාන සමාජ දේශපාලන ට්‍රෙන්ඩ්ස් ආදේශය හෝ පෙර වැරදි දැන් හරිගැස්සීම හොලිවුඩ්වල නිශ්පාදන විසින් කිරීම ගැන නරඹන මගේ කැමැත්තක් නෑ (මට ඕනෙ විදිහට චිත්‍රපටි හැදෙන්නේ නෑ, ඒත් මම ඒ ලඟින් යන ඒවට කැමතියි නේ)

    ( නොමිලේ ඇති සයිට් නිසා සතියකට හොලිවුඩ්, නෙට්ෆ්ලික්ස්, බිබීසී, ඩිස්නි, ඇමසෝන් ප්‍රයිම්, ඇපල්, හුලු ආදීන්ගේ චිත්‍රපටි හා සීරීස් එපිසෝඩ්ස් 10කට වඩා නරඹන මට වෝක් විකාර නිසා ආ frustration එක මගින් ආ පුද්ගලික අදහසකි. සමාවෙන්න. )

    Btw, නෝලන් රූපට් ග්‍රින්ට්ව දාල බ්ලැක් පැන්තර් හදයිද? :-D

    ReplyDelete
    Replies
    1. මේක වෝක් වැඩක්ම කියල කියන්නේ කොහොමද ? මම ඔය චිත්‍රවල දාල තියෙන්නේ කළු අප්‍රිකානු රටක් එක්ක යුද්ධයක් තිබ්බ වගේ කියල . ඒවා යුරූපිය රටවල් නෙමේ . අප්‍රිකානු ගැහැනියක් ඕන තරම් රජාට ඉන්න පුළුවන් . ග්‍රීසියට ගැහැණු ලංකාවෙනුත් ගෙනිහින් තියනව .

      Delete
    2. නෝලන් රූපට් ග්‍රින්ට්ව දාල බ්ලැක් පැන්තර් හදයිද? - දන්නේ නැහැ . පැන්තර් කියන්නේ කළු සතෙක් නේ . අර ප්‍රබන්ධයේ හෙලන් ඕන කෙනෙක් වෙන්න පුඋවන් . සුදු බ්ලොන්ඩ් වෙන්න අවශ්‍ය නැහැ

      Delete
    3. හැබැයි ෆවුන්ඩේෂන් සිරිස් එක - ඇසිමෝව් ගේ - ඒකට වෝක් විකාරයක් කරල් තියෙනවා . ඒ නිසා ඒ පොත් කියවපු කෙනෙක් හැටියට ඒක ටිකක් අවුල් . සම්පුර්ණයෙන්ම ගේ සමාජයට හදල තියෙන්නේ වගේ පේනව

      Delete
    4. මටත් ඒවගේ තමයි. ග්‍රීක් මිතොලොජි සහ ඉතිහාසය පාදක කරගෙන ලියවුනු ප්‍රබන්ධ කතා හුඟක් කියවපු කෙනෙක් විදිහට මට නෝලන්ගෙ කාස්ටින් ටිකක් අවුල්.

      Delete
    5. මගෙ රත්තරං හෙලේනා... 😁
      Praලොක්කගෙ අදහස තමා මගෙත්,
      නෝලන් කළු හම තියෙන අය ඔයාකාර හේතු ඇතිව තෝරගත්ත කියමු. ඒත් Snow White, Mermaid වගේ ඒවාට ඇයි මේ කළු හම තියෙන අය. කළු අය පවා social media වල බනිනව මෙහෙම කරනවට. ඒ අස්සෙ බොරු LGBTQ පිස්සුව. මතක හැටියට අලුත් Scooby Do කාටුන් ෆිලුමේත් ප්‍රධාන පිරිමි චරිතයක් අනවශ්‍යය විදියට Gay කරල. මේක කාලෙක ඉඳන් වෙන පිස්සුවක්. Hollywood වලට අමු කැවිලද. Political Correctද... අනෙ මන්ද.

      මේ අස්සෙ තව එකක් මතක් වුනා. කූම්බිච්චි කියල කාටුන් එකක් තිව්න අපි පොඩි සන්දියේ ගිය. එකේ Original එකේ Main character පිරිමි. මෙහෙ ඒක ගෑනු චරිතයක් කරල තමා හඬකවල පෙන්නුවෙ. කෙල්ල එනව බල්ටි ගහගහා. කොල්ල එනව මේකම් කරකර... 😂😂

      Delete
  3. කොපමණ ඇසුවත් මට නං ඇති නොවෙන
    ගතියක් තිබෙයි මේ තොරතුරුවල වටින
    හොයන තරමටම කුතුහලයත් වැඩෙන
    අරුමෙකි! ලැබේවා ‘ඔඩිසි’ය බලන පින!

    ReplyDelete
    Replies
    1. මේ තොරතුරු වලට තව ලියවෙන ඒවා ඇතිය
      හොයා බලන්නට හැමදා සිත ඇතිය
      අවුස්සා දමා කාගේත් ඇති හිත් පොඩිය
      ඔඩිසිය බැලීමට ඔබහට පින්නම් ඇතිය

      Delete
    2. තව ඇත පිං
      හිතෙනව දැන්
      ඉන්නව මං
      සන්තෝසෙන්!

      Delete
  4. ඔය හැම ශිෂ්ටාචාරය ගැනම මගේ තියෙන්නෙ මිශ්‍ර අදහසක්. කොන්ස්පිරයි තියරි වල කියවෙන තරමට දියුණු හෝ සුන්දර නෑ කියන එකයි මගේ අදහස. කොහොමත් ඉලියඩ් සහ ඔඩෙසිත් වැඩි හරියක් ප්‍රබන්ධ එකේ, ඔන්න ඔහේ ක්‍රිස්ටෝපර් නෝලන් එයාගෙ පැන්ටසි ආතල් එක ගත්තාවෙ නේද? මම දැක්කා, අපේ "යක්ඛ පුත්‍ර" සමාගම වගේ ග්‍රීකයොත් ෆෝම් වෙලා කමෙන්ට් දාලා තියනවා රෙඩිට් එකේ. අජිත්ටත් ඕනෙ ඒ රොටියෙන් අපිටත් කෑල්ලක් ඉල්ලන්න වගේ අදහසක් තමයි මට ආවෙ.

    අපේ අම්මා ගාව තිබ්බා, දුරින් නෑඳෑ කමක් කියන ක්‍රමයක්. එක දිගට කියන්න දිග වැඩි නං, දෙපැත්තෙන් නෑඳෑ කම් ගෙනැල්ල, මැදදී අමුණනවා. මට මේ මිනෝඅන් නෑඳෑ කම දැණුනෙ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. නිදා ගන්න යන කොටම මේ උන්නැහේ කමෙන්ට් එකක් දාලනේ . ජෙනරල් මනේජාරයෙක්ම කෙනෙක්ම තමා . ඒකෙ දෙකක් නැහැ

      Delete
    2. මේකේ කේස් එක ඔහෙලගෙ කැනේඩියන් ආදී කලින්ට දුන් ගේම් එක වගේ තමයි . මට ෆාම් එකක් හමුවුන හොඳටම අපි වගේ දුඹුරු පොරක් . මම හිතුවේ පකියෙක් හෝ ඉන්දියන් කියල . ඌ කියනව අවුරදු තුන් හරසියක් එහාට පොරගේ පවුල් ගැහ එහෙලු . හැබැයි අමාරු වැඩ ඔකොම එයාල කරන්නේ . , ඒ වගේම කිව්වා එයාල බෝට්ටු මිනිස්සු . පරම්පරවම් ඒ පාට කියල . ග්‍රීසියේ ගෝල්ඩන් උදය ඩොව්න් කියල නාසි පාටි එක්ක තිබුන . උන්ගේ එවුන් හෙමේ විරුද්ධයි මේ කතා වලට . අලුත් පුර විද්‍යන්ඥයෝ අදිනවා ගේම . මම කියන්නේ ලංකාව එකක් සම්බන්ධයක් නැතිව ඇති . නමුත් තමන්ගේ ඇත්ත අතීතය එලියට ගන්න ඕනේ කියල .

      Delete
  5. චිත්‍රපටිය බැලුවෙ නැහැ ඉදිරි සතිදෙක ඇතුළත බලන්න වෙලාවක් එයි. ග්‍රීසියට ගිහිනුත් නැහැ යන්න කැමති ලිස්ට් එකේ තියනවා.
    අහලා තියන විදිහට දුඹුරු පාට චිත්‍ර පිරිමි සුදුපාට ගැහැණු කියලා Gender වෙන් කිරීමක් කියලා ඔය චිත්‍ර වල තියෙන්නේ. ඒක ඒ කාලයේ සම්ප්‍රදායක් . ඒවගේම hellas කියන වචනයත් හෙළයනුත් අතර භාෂාත්මක වාග්විද්‍යා සම්භන්දයක් නැහැ. ඒක එකම ශබ්ධය ගෙනෙන වචන දෙකක්. පුරාවෘත්ත ගත්තත් ගැහැණු පැහැරගෙන ගිහින් වීරයා සටන් කරලා බේරගන්න කතා හැමතැනම. මිනිස්සු මේ වීරත්වයට ඇබ්බැහිවෙලා ලෝකේ කොහේ හිටියත්. ජානමය සම්බන්ධතාවෙන් ග්‍රීකයෝ දකුණු අසියතිකන්ට වඩා අනිකුත් (තුර්කි? ඉරාන ?) ජාතීන්ට නෑකම් කියනවා. පරණවිතාන මහත්තයාගේ අන්තිම කාලයේ කරන ලද පරීක්ෂණ නිරීක්ෂණ ලංකාවේ පුරාවිද්‍යා උගත්තු ප්‍රතික්ෂේප කරනවා කියලා නම් අහලා තියනවා. බස්සා කියනවා වගේ නැති නැදෑකමක් වගේ මටත් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //අහලා තියන විදිහට දුඹුරු පාට චිත්‍ර පිරිමි සුදුපාට ගැහැණු කියලා Gender වෙන් කිරීමක් කියලා ඔය චිත්‍ර වල තියෙන්නේ. ඒක ඒ කාලයේ සම්ප්‍රදායක්// මේක තමා පොදු මතය පැරණ ග්‍රීක් පුරා විද්යන්ඥයෝ ගෙනාපු. මේ මතයට දැන් චැලේන්ජ් කරලයි තියෙන්නේ. අතරින් පතර ඉන්න සුදු අය බොහෝ විට වහල්ලු. දදුඹුරු හෝ කළු මිනිස්සු හිටියේ නැහැ කියන එක දන දක්ෂිණාංශික සහ වාමාංශික මතවාදයන් දෙකකට බෙදිලා තියෙන්නේ ග්‍රීසියේ. ඔය මම උඩ ලිව නාසි පක්ෂය හෙම කියන්නේ සුදු මිනිස්සු විතරයි හිටියේ කියල. ඔය මම ගිය ෆාම් එකේ ක්රිට් වල දුඹුරු පාට අපි වගේ මිනිස්සු වැඩ කරනවා දැක්ක. ඔක්කොම ග්‍රීක් . ඉන්දියාවෙන් ආපු රිෆියුජි ල නෙමේ

      Delete
    2. ඒවගේම hellas කියන වචනයත් හෙළයනුත් අතර භාෂාත්මක වාග්විද්‍යා සම්භන්දයක් නැහැ- ඔව් ඒක හරි . සම්බන්ධයක් නැහැ.මැයි කුරේටර් නුයි ඒ ගැන කතා වුනා. මම ඒක ලිව්වේ ඒ මනුස්සය ඒවා ගැන දන්නවා කියා කියන්න විතරයි. කල්පනා කරන්නකෝ ග්‍රීසියේ සංචාරයට යනකොට අහම්බෙන් කෞතුකාගාරයක ග්‍රීක ඉතිහාසඥයෙක් හම්බ වෙනවා . ඒ මනුස්සය දන්නවා ලංකාවේ හෙළයෝ ගැන. රාවනා කතාව , ඔය ආදී වවශයෙන් . ආතල් එකක් එන්නේ නැත්ද? මූ යකෝ කියල

      Delete
    3. ජානමය සම්බන්ධතාවෙන් ග්‍රීකයෝ දකුණු අසියතිකන්ට වඩා අනිකුත් (තුර්කි? ඉරාන ?) ජාතීන්ට නෑකම් කියනවා-- නිහඬ පාල මැති තුමෝ මේකට ලොකු හේතු කිහිපයක් තියනවා., ආසන්නම හේතුව ගමුකො - තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය ග්‍රීසිය පාලනය කළා අවුරුදු 400 1453 - ඉඳන් 1832. කොන්ස්තන්තිනොපලය හෙවත් වත්මන් ඉස්තාන්බුල් ක්රිසිටියනි නගරය මුස්ලිම් වරු අල්ල ගත්තට පස්සේ. තුඋර්කි ජාන එන්නේ එහම්. ඇත්තටම තුර්කි ජාන කියල ජාතියක් නැහැ. තුර්කි කියල කියන්නේ නොමෑඩ් වරු උස්බෙකිස්ථානය, තුර්ක්මෙනිස්තානය, ආදී රටවල නොමෑඩ් වරු. ඒ ගොල්ලන්ගේ ඔරිජින් එක - සයිබීරියාව , මොන්ගෝලියාව ආදී වශයෙන් . ඉතින් තුර්කි ජාන කතාව පට්ටපල් බොරුවක්. - ඉරානය - ඒ කියන්නේ පර්සියාව - ඔව් පර්සියාව ගැහුවා ස්පර්තා වලට ක්‍රිස්තු පුර්ව 480 දී. ඉරාන නෙමේ පර්සියන් ජාන තියෙන්න පුළුවන් අර 300 දෙනා මුළු පපර්සියන් හමුදාවක් අල්ලන් හිටි හැටි අහල ඇතිනේ.
      ඊළඟට -රෝම අධිරාජ්‍යය ය අල්ලාගෙන හිටිය ක්‍රිපු 215 සිට 27 දක්වා. මේ කාලය අතර ලංකාව අතර සම්බන්ධකම් තිබ්බ . ඉතින් ජාන - රෝමන් ඉතාලි ජානත් තියෙන්න පුළුවන්. ප්‍රශ්නේ තමා මිනොඅන් වරු කවුද යන්න. සම්පුර්ණයෙන් විනාශ වෙලා ගිය ශිෂ්ටාචාරයක් . දැන් තමයි හොයා ගන්නේ පුරා විද්‍යාත්මක කෞතුක වස්තු. තවා කැණීම් කෙරෙනවා. තුර්කියේ Göbekli Tepe අවරුදු 11000 විතර පරණයි හන්ටර් ගැදරර් කතාවත් බොරුවක් වේගෙන යන්නේ. තුර්කියේ ග්‍රීසියේ ඔතොඩොක්ස් පල්ලිය වගේම මුස්ලිම් මුල්ල සහ කට්ටියත් විරුද්ධයි ඒ සොයා ගැනීම් වලට.

      Delete
    4. පරණවිතාන මහත්තයාගේ අන්තිම කාලයේ කරන ලද පරීක්ෂණ නිරීක්ෂණ ලංකාවේ පුරාවිද්‍යා උගත්තු ප්‍රතික්ෂේප කරනවා කියලා නම් අහලා තියනවා. -- ඒක මම යටම ලියල තියෙනවා දැක්කේ නැත්ද ? ඉතින් ඒ දෙනන් විතරනේ . , අපි ආපහු හොයමු . //ප . ලි: සෙනරත් පරණවිතාන මහතා ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම ශිලාලේඛනඥයෙකු වුවද, ඔහුගේ පසුකාලීන කෘති වන Ceylon and Malaysia (1966), The Greeks and the Mauryas (1971), සහ The Story of Sigiri (1972) යන ග්‍රන්ථවල සඳහන් "අන්තරේඛීය සෙල්ලිපි" පිළිබඳ මතයන් දැඩි අධ්‍යයනයට සහ විවේචනයට ලක් විය. මහාචාර්ය ඒ.ඩබ්ලිව්.පී. ගුරුගේ සහ මහාචාර්ය කේ. ඉන්ද්‍රපාල වැනි පසුකාලීන විද්වතුන්ට මෙම අන්තරේඛීය අක්ෂර අදාළ ගල්පුවරුවල සොයා ගැනීමට නොහැකි වූ අතර, මේවා සැබෑ ඓතිහාසික සෙල්ලිපි නොව පරණවිතාන මහතාගේ පෞද්ගලික නිගමනයන් බවට ඔවුන් නිගමනය කළහ.

      Delete
    5. බස්සා කියනවා වගේ නැති නැදෑකමක් වගේ මටත් හිතෙන්නේ// අපි තවම හරියටම් දන්නේ නැහැ කියල විතරයි මම කියන්නේ . දෙමල ඉලං වාදීන් කියන ලංකාවේ ජනය තමිල්නාඩු ආදී කල්පික අයගෙන් ආව කතාව දැන් බොරු කියල දන්නවනේ . බලන්ගොඩ මානවය හා අදිකල්පික ජනය අවුරුද 130000 කලින් ඉඳල තියනව ලංකාවේ . ඒ අයයි පේරු වල ආදී කල්පික ජනය එක වගේලු . DNA තමා ඕනේ දැන්

      Delete
    6. ඔබගේ පැහැදිලිකිරීම් වලට එකඟයි.
      ජාතික අභිමානය බොහෝ විට පුරාවෘත්ත සහ කතා මත ගොඩනැගෙනවා. රාවණා වැනි කතා එයට උදාහරණයක්. ඒවා සංස්කෘතික වශයෙන් වැදගත් වුණත්, ඒවාට අදාළ සෑම දෙයක්ම ඉතිහාසික සත්‍යයක් ලෙස ගන්න බැහැ. ඒ මත ජාතියක් ගොඩනැගීම හරිම අස්ථිරයි .
      ඒ වගේම තමන්ගේ narrative එකට අභියෝග කරන පැහැදිලි පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙන විට ඒවා යටපත් කිරීමත් වැරදියි. ඊලාම් වාදීන් කරන්නේ ඒක.
      ඒ නිසා එක පැත්තකින් පුරාවෘත්තයක් ඉතිහාසයක් බවට පත් කිරීමත්, අනෙක් පැත්තෙන් අපේ විශ්වාසයට නොගැළපෙන සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමත් දෙකම අපි වළක්වා ගත යුතුයි.
      ශාස්ත්‍රීය වශයෙන් යම් අර්ධ සාක්ෂියක් හෝ හැකියාවක් සාකච්ඡා කරන විට, ඒක ශාස්ත්‍රීය සීමාවෙන් එළියට ගිහින් කෙනෙක් “මේක ඔප්පු වෙලා තියෙනවා” කියලා අතිශයෝක්තියට නංවන්නත්‍ පුළුවනි.

      ඉතිහාසයට කතා කරනකොටම limit තියනවා නේද?
      ප්‍රාග් ඉතිහාසය Pre History , ප්‍රාග්-ඉතිහාසික Protohistory අවධිය සහ ඉතිහාසය කියන දේවල් පැහැදිලිව වෙන් කරගන්න ඕනේ.

      බලංගොඩ මානවයා ප්‍රාග් ඉතිහාසයට අයත්.

      අපි ඉතිහාසයට ගරු කළ යුතුයි. නමුත් ඉතිහාසය ගැන අපේ විශ්වාසයට වඩා සාක්ෂියට ගරු කළ යුතුයි.ලංකාවේ ලෝකයේ ග්‍රීසියේ හැමතැනම මේ හැම විදිහෙම මිනිස්සු ඉන්න බව පෙනෙනවා.

      ඉතිහාසයත් පුරාවිද්‍යාවත් ස්ථිර දේවල් නෙවෙයි. සාක්ෂි වැඩි වන විට නිගමනය වෙනස් කිරීම තමයි ඉතිහාසය සෙවීම.

      මේ ලිපියෙන් මගේ ග්‍රීසිය ගැන කුතුහලය වැඩිවුනා.

      Delete
    7. ඔඅබත් සමග එකඟයි . රාවණා කතාවට හිනා වෙලා මමත් නොයෙක් දේවල් ලියා තිබෙනවා . https://kolambagamaya.blogspot.com/2020/11/1.html, නමුත් මම තර්ක අරන් එන්නේ මම දකින සාක්ෂි මත පමණයි . ග්‍රීසියේ සහ තුර්කියේ ලොකු වැලි යනවා මේ අලුත් සාක්ෂි මත . ඔය මගේ එක ලිපියක තිබෙනවා ඩෙලෝස් දුපතේ තිබෙන ගල් වලින් හදපු ධනය මබරණ ඒවා හෙම අනුරාධපුර පොලොන්නරුව නිකවැරටිය පති වල හමුවුන ඒවා සමග සමපාත බව . නිකම්ම් එහෙම වුනා වෙන්නත් පුළුවන් .

      Delete
    8. මේ අතුරු කතාවක් ඊලාම් වාදීන් ගැන ගැන කියන කොට. ඒ කාලේ අපි මහින්ද මහතට සහ යුද්ධයට සපෝර්ට් කරන කොට. මතකද මෙහෙ අන්තර්ජාල වල හෙන වලි යනවනේ. ඔය කතාව එක්ක වලියක් ගිහින් ලංකාවේ ඇමෙරිකන් එම්බසි එකේ වැඩ කරන කෙල්ලක් එක්ක මේකිට කියා ගන්න දෙයක් නැහැ. දෙමල කට්ටිය කියනව උන්ට සාක්ෂි තියනවලු . මම කිව්වා කෙල්ලට පලයන් අර පාහියන්ගල හෙම කියල. ඊට පස්සේ මේකි කියනව උඹල බුද්ධාගම රාජ්‍ය ආගම අනිත් ආගම් යට කරලා කියල. මම කිව්වා අපේ තරම් ඔක්කොම ආගම් වලට ඉඩ දෙන වෙන රටක් නැහැ. ඇයි උඹලගේ ඩොලර් එකේ "ඉන් ගෝඩ් වී ට්‍රස්ට්" කියල තියෙන්න කියල. උඹලට හොඳයි අනිත් රටවලට වැරදිද කියල ඇහුවා . මේකි කියනව, ආ අපේ රටේ ඒක අයින් කරන්න ඉන්නේ. ලංකාවේ උඹලට හරි නිව්ස් එන්නේ නැහැ කියල. මම කිව්වා බොරු නොකිය ඉඳපන් . මම ඉන්නේ එංගලන්තේ. එහෙම දෙයක් උඹලගේ රටේ මේ කපේට වෙන්නේ නැහැ. තමන් හැදියන් කලින් කියල. මේකි සද්දේ වැහුවා. එම්බසි එකේ දෙමල සෙට් එක හිත සනසන්න එක එක ඒවා කිව්වා ඒකිට මන් වගේ අමු ජාතිවාදියෝ ලු වැඩි හරියක් ලංකාවේ ඉන්නේ කියල. මම උන්ට කිව්වා උඹල ඇත්ත ලියපල්ලා . බොරු නැතිව . උඹලගේ කෝස් එකට සපෝර්ට් එකක් එන්නේ එහෙම කියල. ඒ ත්‍රෙඩ් එක ඉවරයි.

      Delete
    9. නිහන්දපල මහත්මයා . අමතක වුනා ලියන්න - අර උඩ දාල තියෙන චිත්‍රයේ ඉන්නේ ගැහැණු . දුඹුරු පාට .//අහලා තියන විදිහට දුඹුරු පාට චිත්‍ර පිරිමි සුදුපාට ගැහැණු කියලා Gender වෙන් කිරීමක් කියලා ඔය චිත්‍ර වල තියෙන්නේ// ඔය ජනප්‍රිය මතය වැරදි එකක් බව පේනවනේ ඔබතුමාට . තව පින්තූර තියනව මම ළඟ . සිගිරි ලලනාවෝ වගේ ඒවත් තියනව

      Delete
  6. අජිත්ගේ මේ විස්තරය හොඳයි. ඔබගේ පුරාවිද්‍යාව ගැන ඇති උනන්දුවත් අවුලක් නෑ. ඒත් මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක බැලුව ගමන් එපා වුනා. අර ජේම්ස් කැමරන්ගෙ "ඇවටාර්" වගේ තමා, බැලුවොත් ඇයි බැලුවෙ කියල හිතෙනවා. මට නං දෙන හයිප් එකේ හැටියට ප්‍රතිඵල නෑ. ඒත් නෝලන්ගෙම "Inception" මම රසවිඳපු පට්ටම ෆිල්ම් එකක්. මේ ඔඩිසිය පුම්බනවා වැඩියි. 70mmලු, නවතම ඩිජිටල් තාක්ෂණේලු, ටිකට් ඉවරලු. මෙතන අර ගෲප් මෙන්ටැලිටි වගේ සීන් එකකුත් යනවා කියල හිතෙනවා. ආදායම් වාර්තා නං බිඳියි. බාගදා මගේ රසවින්ඳනය වෙනස් ඇති.

    ReplyDelete
    Replies
    1. බලල ඇවිත් කියන්නම් බසු තුමෝ . යන්නෙම 70mm එකේ බලන්න විශේෂයෙන් imax

      Delete
  7. ජාලෙ ඉත්හාසය ගැන හොයමින් ඉන්නකොට කියවපු මතයක් තියෙනව. යුරෝප, බටහිර රටවල සුදු හම ඇතිවුනේ ජාන විපර්යාසයක දිගුවක් කියල. ඒකෙදි කරැණු දිර්ඝව පැහැදිලි කරනව. වැඩි දුරට ඒක හොයන්ට ගියෙ නෑ.

    පෝස්ටුවේ භාගයයි කියෙව්වෙ. ආයෙ එන්නම්!

    ReplyDelete
    Replies
    1. https://www.science.org/content/article/how-europeans-evolved-white-skin

      Delete
    2. මේ පරිවර්තනය ජෙමිනි නංගි ගෙන් .
      සෙන්ට් ලුවිස්, මිසුරි—අපෙන් බොහෝ දෙනෙක් සිතන්නේ යුරෝපය යනු කොකේසියානු (සුදු ජාතික) ජනයාගේ ආදී පිතෘභූමිය ලෙසයි. නමුත් නව අධ්‍යයනයකින් හෙළි වන්නේ සුදු පැහැති සම, උස මෙන්ම වැඩිහිටියන් ලෙස කිරි දිරවා ගැනීමේ හැකියාව වැනි ලක්ෂණ මුළු මහත් යුරෝපයටම පැමිණියේ සාපේක්ෂව මෑතකදී බවයි. ඇමරිකානු භෞතික මානව විද්‍යාඥයින්ගේ සංගමයේ 84 වන වාර්ෂික හමුවේදී ඉදිරිපත් කරන ලද මෙම පර්යේෂණය, යුරෝපයේ සිදුවූ මෑතකාලීන පරිණාමය පිළිබඳ කැපී පෙනෙන සාක්ෂි සපයන අතර, වර්තමාන යුරෝපීයයන්ගෙන් බහුතරය වසර 8000 කට පෙර සිටි ජනයාට වඩා බෙහෙවින් වෙනස් බව පෙන්වා දෙයි.

      තනි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ජාන වෙනුවට, පුරාණ ජනගහනයන්ගේ ජානමය සැකස්ම (genomes) අනුක්‍රමණය කිරීමට පර්යේෂකයන් සමත්වීමත් සමඟ පසුගිය වසර තුළ යුරෝපීයයන්ගේ ආරම්භය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. යුරෝපය පුරා පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථානවලින් සොයාගත් පුරාණ පුද්ගලයින් 83 දෙනෙකුගේ DNA හි ප්‍රධාන කොටස් සසඳා බලමින්, ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායම මේ වසර මුලදී වාර්තා කළේ වර්තමාන යුරෝපීයයන් යනු පසුගිය වසර 8000 තුළ වෙනස් සංක්‍රමණ හරහා යුරෝපයට පැමිණි දඩයම්කරුවන් සහ ගොවීන්ගේ අවම වශයෙන් පුරාණ ජනගහන තුනක එකතුවක් බවයි. වසර 4500 කට පමණ පෙර කළු මුහුදට උතුරින් පිහිටි තණබිම්වල සිට 'යම්නායා' (Yamnaya) එඬේරුන්ගේ විශාල සංක්‍රමණයත් සමඟ ඉන්දු-යුරෝපීය භාෂාවන් යුරෝපයට පැමිණෙන්නට ඇති බව මෙම අධ්‍යයනයෙන් හෙළි විය.

      දැන්, එම පර්යේෂක කණ්ඩායම විසින්ම පසුගිය වසර 8000 තුළ යුරෝපය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ වාසිදායක ලක්ෂණ ඇතුළුව, ප්‍රබල ස්වාභාවික තේරීමට (natural selection) ලක්වූ ජාන සෙවීම සඳහා මෙම දත්ත තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කර ඇත. පුරාණ යුරෝපීය ජාන, '1000 Genomes Project' හි මෑත කාලීන ජාන සමඟ සැසඳීමෙන්, හාාවඩ් විශ්වවිද්‍යාලයේ ජනගහන ජාන විද්‍යාඥ ඩේවිඩ් රයික්ගේ රසායනාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරී ඉයන් මැතිසන් විසින් ආහාර රටාව සහ සමේ වර්ණක වෙනස්වීම්වලට අදාළ ප්‍රබල ස්වාභාවික තේරීමට ලක්වූ ජාන පහක් සොයා ගන්නා ලදී.

      පළමුව, වසර 8000 කට පෙර යුරෝපයේ සිටි දඩයම්කරුවන්ට කිරිවල ඇති සීනි දිරවා ගැනීමට නොහැකි වූ බවට වූ පූර්ව වාර්තාව විද්‍යාඥයන් විසින් තහවුරු කරන ලදී. ඔවුන් තවත් කුතුහලය දනවන කරුණක් සටහන් කළහ: එනම් මුල් කාලීන ගොවීන්ටද කිරි දිරවා ගැනීමට නොහැකි වීමයි. වසර 7800 කට පමණ පෙර ආසන්න පෙරදිගින් (Near East) පැමිණි ගොවීන්ට සහ වසර 4800 කට පෙර තණබිම්වලින් පැමිණි යම්නායා එඬේරුන්ට, වැඩිහිටියන්ට කිරිවල ඇති සීනි දිරවීමට උපකාරී වන LCT ජානයේ ප්‍රභේදය නොතිබුණි. ලැක්ටෝස් දිරවීමේ හැකියාව (lactose tolerance) යුරෝපය පුරා පැතිර ගියේ මීට වසර 4300 කට පමණ පෙර සිටය.

      සමේ වර්ණය ගැන සැලකීමේදී, පර්යේෂක කණ්ඩායම විවිධ ස්ථානවල පරිණාමයේ වෙනස්කම් සහ ලා පැහැති සමක් ඇති කරන වෙනම ජාන තුනක් සොයාගත් අතර, පසුගිය වසර 8000 තුළ යුරෝපීයයන්ගේ සම වඩාත් ලා පැහැති වූ ආකාරය පිළිබඳ සංකීර්ණ කතාවක් එයින් හෙළි විය. වසර 40,000 කට පමණ පෙර යුරෝපයේ පදිංචි වීමට අප්‍රිකාවෙන් පැමිණි නූතන මානවයන්ට තද පැහැති සමක් තිබූ බව උපකල්පනය කෙරේ. මීට වසර 8500 කට පෙර ස්පාඤ්ඤය, ලක්සම්බර්ග් සහ හංගේරියාවේ සිටි මුල් කාලීන දඩයම්කරුවන්ටද තද පැහැති සමක් තිබූ බව නව දත්ත මගින් තහවුරු වේ: වර්තමාන යුරෝපීයයන්ගේ ලා පැහැති සමට හේතුවන SLC24A5 සහ SLC45A2 යන ජාන ප්‍රභේද දෙක ඔවුන් සතුව නොතිබුණි.

      නමුත් උතුරු දිග ප්‍රදේශවල—අඩු ආලෝක මට්ටම නිසා ලා පැහැති සමට වැඩි වාසියක් හිමිවන—දඩයම්කරුවන් අතර වෙනස් තත්ත්වයක් පර්යේෂකයන්ට දක්නට ලැබුණි: දකුණු ස්වීඩනයේ වසර 7700 ක් පැරණි 'මොටාලා' (Motala) පුරාවිද්‍යාත්මක ස්ථානයෙන් සොයාගත් පුද්ගලයින් හත්දෙනෙකු තුළම SLC24A5 සහ SLC45A2 යන ලා පැහැති සමට අදාළ ජාන ප්‍රභේද දෙකම තිබුණි. නිල් පැහැති ඇස් ඇති කරන සහ ලා පැහැති සමට හා රන්වන් කෙස් කළඹට දායක වන HERC2/OCA2 නම් තුන්වන ජානයද ඔවුන් සතුව තිබුණි. ඒ අනුව උතුරේ සිටි පුරාණ දඩයම්කරුවන් ඒ වන විටත් ලා පැහැති සමක් සහ නිල් පැහැති ඇස් ඇත්තන් වූ නමුත් මධ්‍යම සහ දකුණු යුරෝපයේ සිටි ජනයාට තිබුණේ තද පැහැති සමකි.

      Delete
    3. ඉතින් යුරෝපේ ඉන්න ලංකාවේ උන්දැල පොළොවේ හැපිලා මැරෙන්න හදනව නෝලන් කළු කෙල්ලක් ගත්ත කියල හෙලේනා ට 😁

      Delete
  8. කියවන්න ආසා හිතෙන ලිවීම් අයියේ.ඔඩිසි එක බලන්න යන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි . මාත් ලබන සතියේ බලන්න යනව

      Delete
  9. තවත් රසවත් ලිපියක්. මට නම් දැනුනේ ආයේ ඉස්කෝලේ යනවා දෝ කියලා මේ කතා කියවන කොට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවාට සහ කියෙව්වටත් . ඔය මගේ එක එක අමාරුකම් වලින් එකක් . හැම මගුලටම ඔලුව දාල බලනවමොකද වෙන්නේ කියා ; අ

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මා හට ලිවීමට අමතකවූ දෙයක් පසුව එකතු කලෙමි . ඉහත ඇත්තේ ක්‍රිට් දුපතේ මිනොඅන් ශිෂ්ටාචාරයේ තවත් අභිරහසකි . පින්තුරයේ ඇත්තේ ලිනෙයර් ඒ භාෂාවේ අක්ෂරය . ඒවා ග්‍රීසියේ සිහිවටන ලෙස මිලදී ගන්නට තිබේ . ලිනෙයර් ඒ (Linear A) නමින් හඳුන්වන පුරාණ අක්ෂර සහිත භාෂාව තවමත් කිසිවෙකුට කියවා ගත නොහැකිය. මෙය ක්‍රිස්තු පූර්ව 1800 ඊට 1450 දක්වා කාලයක භාවිතා කල බසකි . මෙහි වැදගත්ම දෙය මෙයයි. ග්‍රීක පුරා විද්‍යාඥයන් විසින් ලිනෙයර් බී නමැති අක්ෂර මාලාවෙන් ශබ්ද වර නැගුවද එහිදී ග්‍රීක බස තියා ලොව කිසිම තැනක කතා නොකළ කිසිදු මූලයක් නොමැති හඳුනා ගත නොහැකි භාෂාවක් බව පෙනී යයි. එසේම රොසෙටා ගල (Rosetta Stone) භාවිතයෙන් විකේතනය කරන ලද ඊජිප්තු හයිරොග්ලිෆ් මෙන් නොව, ලිනෙයර් ඒ සහ දන්නා වෙනත් භාෂාවක් අඩංගු කිසිදු ද්විභාෂා සෙල්ලිපියක් මෙතෙක් හමු වී නොමැත.
    බොහෝ තනි සංකේත, 1952 දී ග්‍රීක් භාෂාවේ මුල් ස්වරූපයක් ලෙස සාර්ථකව විකේතනය කරන ලද පසුකාලීන ලිනෙයර් බී අක්ෂර මාලාවට සමාන වේ.පර්යේෂකයන් එම සන්දර්භය ඇසුරින් දශම සංඛ්‍යා ක්‍රමය, භාග සංඛ්‍යා මෙන්ම විවිධ වෙළඳ භාණ්ඩ, ස්ථාන සහ දෙවිවරුන්ගේ නම් සාර්ථකව කියවා ඇත. නමුත් භාෂාව දන්නේ නැත . එනිසා මිනොඅන් වරුන් ගෙන් වත්මන් ග්‍රීක භාෂාව නිර්මාණය වුවද ඔවුන් වත්මන් ග්රිකයන්ට සමාන බවක් නොදක්වයි.

    ReplyDelete
  12. මම ඉතිහාසේ ගොඩක් දන්නේ නැහැ .. නමුත් අජිත් මේ ලියල තියෙන දේවල් ගැන එකග වෙන්න පුළුවන් කියල හිතෙනවා .. හෙලන් කළු වීම අපිට හුරු නැති අවුල තමා මේ තියෙන්නේ ..

    මම චිත්‍රපටිය බැලුවා .. මට නම් වරදක් නැහැ .. චරිත කළු වීම අපේ ඇසට අවුල් උනත් චිත්‍රපටිය සෑහෙන දුරට පොතේ කතාවට ආසන්නව හදල තියෙනවා ඇති කියල මට හිතුන නිසා චරිත තෝරාගැනීමේදීත් පුළුවන් තරම් සත්‍ය තොරතරු මත ඒවා කරන්න ඇති කියල මමත් හිතනවා ..

    චිත්‍ර පටිවල දැන් තියෙන කළු දුඹුරු සහ LGBTQ ට්‍රෙන්ඩ් එකට මමත් කැමති නැහැ .. නමුත් ඒ අකමැත්ත කාලයක් තිස්සේ අපිට කාවද්දල තියෙන වැරදි අදහස් නිසා වෙච්ච දෙයක් කියල හිතෙනවා

    අපේ ළමයින්ට ඔය කළු සුදු සමනල අවුල අපිට තරම් දැනෙන එකක් නැහැ මම හිතන්නේ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .