කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Wednesday 22 September 2021
බ්ලොග් කියන්නේ ..
Sunday 19 September 2021
මගේ පළමු සහ අන්තිම රොටිය
Saturday 11 September 2021
නිකොලායි බෞමන් , පක්ෂ අභ්‍යන්තරයේ ලිංගික ප්‍රශ්න හා ඉරාජ් ගේ ගවුම
දීප්ති කුමාර ගුණරත්න ලියූ "ඕපපාතික බුද්ධිමතුන්" නමැති ලිපියේ සුමිත් චාමින්ද මහතා පිලිබඳ සඳහනකට මම ත්‍රිමාණ වෙබ් අඩවියට ප්‍රතිචාරයක් එක් කෙළෙමි. දීප්ති සහෝදරයා චිසින් මගේ ප්‍රශ්නයට දැන් න්‍යායික පිළිතුරක් දී තිබේ. ඔහු කියන්නේ තමන් සදාචාරවාදියෙකු හෝ ගතානුගතිකවාදියෙකු නොවන බව මා දන්නේය යන්නයි.
Monday 6 September 2021
මංගල සහ සුනිල්
Friday 3 September 2021
මගේ පළමු ඔරලෝසුව - 2
මේ කතාව ලියන්නේ "නිදහස් සිතුවිලි" බ්ලොගයේ රවි ලීව එකක් මතක් වෙලා. ඒ ලිපියේ නම මගේ පළමු ඔරලෝසුව. ඉතින් මගේ ලිපියේ මාතෘකාව හැටියට පළමු ඔර්ලොසුව -2 කියල දැම්මේ ඒකයි.
Thursday 2 September 2021
සමන් අමරසිංහ සර්
අද වේදනාත්මක පුවතක් ආරංචි වුනා පිටරට වෙසෙන ආදී රාජකීයයන් සඳහා වූ වට්ස්අප් කණ්ඩායමක් හරහා. ඒ සමන් අමරසිංහ ගුරුතුමා කොවිඩ් 19 වැළඳී අසාධ්‍ය වීමෙන් පසු මෙලොව හැර ගිය වග. ඔහු අසනීප වී සිටි බව දැන සිටියත් එතුමාට මෙතරම් අසාධ්‍ය වේ යයි මා සිතුවේ නැහැ. ජීවිතය කියන්නේ තණ අග පිණි බින්දුවක් කියන්නේ ඇත්තක්.
Tuesday 24 August 2021
කළු රන්ජිත් සුදු බවට පත්වූ අරුමැසිය
මෙයට කලින් දිනයෙක උපහාසාත්මක රචනයක් ලියා තිබුනා මතකද? "අරක්කු බෝතලයෙන් ශේප් වුනු කළු රන්ජි ගේ සුදු පොත" නම්වූ ඒ ලිපිය අවශ්‍ය නම් ඉහත යොමුවෙන් කියැවිය හැකියි. සෑහෙන පාඨකයන් ප්‍රමාණයක් ලිපිය කියවා තිබුණු බව නම් දුටුවෙමි. උපහාස රචනයක් යනු කුමක්දැයි නොතේරෙන අයද සිටින බව මම එම ලිපිය නිසාම දැන ගත්තෙමි. ඇත්තම මට ඒ පොතේ මාතෘකාව ගැන ප්‍රශ්නයක් නැත. රචකයා හෝ ප්‍රකාශකයා නම දමා ඇත්තේ ශ්‍රී ලංකාව යන රටේ ඇති යථාර්තය පිලි ගෙනය. එය ඇත්තක් නොවේද? දැන් අසිරිමත් ලංකාවේඉන්නා බයියන්, ටොයියන් , ජෙප්පන්, පෙරෙට්ටන් , දාර්ශනිකයන් ආදී මෙකි නොකී අය පිටරට ඉන්නා උන් එහෙ නිදි වදින්නේ නැතිව අප හදන්නට එන්නේ යයි වැළපෙනු නිසැකය. ලංකාවේ වැඩි හරියක් සිතන්නේ එසේ නම් පොතකට එවැනි නමක් දැමීමේ වරදක් ඇත්ද? සුදු යන්නෙන් ලංකාවේ බොහෝ විට අදහස් කරන්නේ හොඳ යන අරුතිනි? ලංකාවේ ඉන්නේ සුදු පුතා , සුදු දුව, සුදු පැටියා, සුදු මහත්තයා , සුදු අම්මි ආදීන්ය. තමන්ගේ එවුන්ට එසේ කියන ගමන් අර සුද්ද , අර සුද්දී යනුවෙන් පහත ආකාරයෙන් බැන වදින්නෝ ද සිටිති. තමන්ගේ ළමයාට සුදු මහත්තයා යයි කියන ගමන් සුදු අධිරාජ්‍යවාදීන්ට බනින උන්ද සිටිති. එනිසා මේ පොතේ නම ඉතාමත් ගැලපේ.
Sunday 8 August 2021
ජිජැක් ලංකාවේ නොකී කතාවක්
Tuesday 27 July 2021
රන් කහවණු සොයන්නියෝ
අලුත්ම රුසියානු රුපවාහිනී කතා මාලාවක් නැරඹුවෙමි. එය පෙන්වුයේ බ්‍රිතාන්‍ය රුපවාහිනියේය. මුළු කතා මාලාව පුරා ප්‍රසිද්ධ සුරූපී රුසියානු නිලියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායකත්වය දෙන අතර රුසියානු භාෂාවෙන් නිමකළ කතා මාලාවක් වුවද ඉංග්‍රීසි හා ජර්මන් භාෂා උප සිරැසි සමග නැරඹිය හැකිය. මොස්කව් නුවර ධනවත් ඉහළ පෙලන්තිය සම්බන්ධ කතා පුවතක් වන මෙහි ඒ පෙලන්තිය බටහිර ධනවාදයේ ජිවන ක්‍රමය එලෙසින්ම අනුගමනය කරන බවද පෙන්වයි.
කතාවේ තේමාව අනුව සෝවියට් සමයේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ හා ගැස්ප්‍රොම් ගෑස් සමාගම වැනි සමාගම් වල ඉහල අධ්‍යක්ෂකවරුන්ගේ ජිවන රටාවම වෙනසක් නැතිව වර්තමාන රුසියානු ධනපතියන් අනුගමනය කරන බවක් පෙනේ. කොමියුනිස්ට් පක්ෂ නිලධරයන් බිරිඳන් සමග හොඳ තට්ටු නිවාස වල සිටිමින් අනියම් පෙම්වතියන්ට කුඩා තට්ටු නිවාස මොස්කව් අසබඩ නගරවල ලබාදී තිබුණි. එසේම අනියම් පෙම්වතියන් රැගෙන දාචා හෙවත් ගිම්හාන නිවෙස් වලට සති අන්තයට යාමේ පුරුද්දක්ද ඔවුන්ට විය.
කොටස් අටකින් සමන්විත කතා මාලාවේ ඉංග්‍රීසි නම "රන් කහවණු සොයන්නියන්" යන අදහස දෙන්නකි. නමුත් රුසියානු භාෂාවෙන් සදෙර්ශංකා (содершанка)" රඳවාගන්නීය" යන අදහස ගෙන දෙයි. ජර්මන් භාෂාවෙන් කතා මාලාව හඳුන්වන්නේ "රුසියානු සම්බන්ධතා" යනුවෙනි.
දැන් වෙනස් වී ඇත්තේ මෙසේය . පසුගිය වසර විසිපහ තුල ඇතිවූ නව ධනවත් රුසියානු ඉහල පෙළන්තිය ඉතා දැකුම්කළු නිවාස මොස්කව් නගරාසන්නයේ ගොඩ නගාගෙන තිබේ . කලින් දාචා හෙවත් ගිම්හාන නිවෙස් තිබූ පැතිවල පවා මෙම දර්ශනීය විශාල නිවෙස් ගොඩ නැගී ඇත. මොස්කව් නගරය තුල මේව අයත් ධනපති පිරිමින් ගේ අනියම් පෙම්වතියන් පියකරු අපාට්මන්ට් බ්ලොක් වල (තට්ටු නිවාස) ජිවත් වෙති. මේ ධනපති පිරිමින්ට හෝ මාෆියා බොස්ලාට හා කළු සල්ලි සුදු කරන පදනම් පිහිටුවා ගෙන සිටින්නන්ට කෙනෙකු මරා දමා නීතියෙන් ගැලවී සිටින්නටද හැකියාව තිබේ. ඒ රුසියානු අපරාධ පරීක්ෂණ කොමිටියේ පරීක්ෂකයන් ඔවුන්ගේ සාක්කුවේ බැවිනි.
වසර 2019 දී ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ "නංගියා සංකල්පය" නමින් මම ලිපියක් ලීවෙමි. මෙය ත්‍රිමාණ සනගරවෙහි පළවිය. (මෙහි පෙරටුගාමින් යනුවෙන් සඳහන් කරන ලද්දේ වර්තමාන "සමබි"ම පක්ෂයයි) . සෝවියට් නංගිලා ගෙන් ඇතැම් කොටසක් කටයුතු කළ ආකාරය ගැන එම ලිපියේ සංවාදයට බඳුන් විය.
මේ අනියම් බිරින්දන් ගේ අභිලාශය තම ධනවත් පිරිමියා විසින් තමන්ට ජිවත්වීමට හොඳ තට්ටු නිවසක් ලබා ගැනීම, වියදමට මුදල් හා හොඳ ඇඳුම් පැළඳුම් පමණි. මෙම ඉතා සුරූපී කාන්තාවන් බොහෝ විට පැමිණෙන්නේ මොස්කව් අසබඩ නගර වලින් හෝ ගම්වලිනි. මේ පිරිමින් ගේ නිත්‍යානුකුල බිරින්දන්ද ප්‍රංශ සමාජය අනුගමනය කරමින් තමන්ට අනියම් පෙම්වතුන් ප්‍රමාණයක් නඩත්තු කරති. මේ ක්‍රමයට ලෝකයට පෙනෙන්නට තමන්ගේ විවාහයද රැක ගනිති. අර අනියම් පෙම්වතියන් රඳවා ගන්නියන් වන්නේ එබැවිනි.
නමුත් මේ කතාවේ මේ සාමකාමී සහජීවනය බිඳීයන සිදුවීමක් වේ . ඒ මරීනා නමැති එවන් අනියම් පෙම්වතියක් ඝාතනය වීමෙනි. කතාව අපරාධයක් පිලිබඳ රහස් පරීක්ෂක කතාවක් බවට පත්වේ.
මෙහි අධ්‍යක්ෂණය, පිටපත් රචකයා සහ සියලු නළු නිලියන් රුසියානුන් වන අතර එය නිමවා ඇත්තේද මොස්කව් නගරයේය. රුසියානු ජනාධිපති පූටින් මෙවැනි කතාවක් නිදහසේ පෙන්වීමට ඉඩ දී ඇත්තේ කෙසේද? රුසියානු නව ධනපති පන්තිය ගොඩ නැංවූ ඔහුම එහි සදාචාරමය පරිහානිය පෙන්වන කතා මාලාවක් පිළිබඳ ව නොදත්තේද ? මට නම් හිතෙන්නේ එම කතා මාලාව ඔහු මිට දශකයකට ප්‍රථම කළාක් මෙන් ධනපති පන්තියේ මාෆියා ආකාරයට කටයුතු කරන ඇතැමුන් ට දුන් අනතුරු ඇඟවීමක් කියාය. මොස්කව් හා රුසියානු වාසීන්ගේ පිළිකුල එල්ලවන ක්‍රියා කිරීමෙන් වැලකි සිටීමට බල කරන හිටි හැටියේ එන පිරිසිදු කිරීමකට (cleaning operation ) ඔහු සැරසෙනවා විය හැකිය.
අවවාදයයි: ගෙදර ළමුන් සමග එකට නැරඹිය හැකි කතා මාලාවක් නොවේ.
Saturday 24 July 2021
නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම
Wednesday 14 July 2021
ජිවිතයේ ඔයිල් පැල්ලම් නැත්තෙක් සිටීද
ඔයිල් පැල්ලම් ගැන ලිවීමට පටන් ගන්නේ කොතැනින් දැයි මාසයක්ම කල්පනා කළෙමි. අවසන සිතුනේ පොතකට කළහැකි හොඳම උපහාරය වන්නේ මගේ ජිවිතයේ ඔයිල් පැල්ලම් වලින්ම පටන් ගැනීමෙන් කියාය. වසර විස්සකට මත්තෙන් මගේත් වෙන්ඩ බිරින්දෑ ගේත් සංචාර සඳහා ප්‍රියතම ක්‍රමයක වූයේ දුම්රියයි. දුම්රිය කාල වේලාවට යන නිසාත් අපි නිතරම අන්තිම මොහොතේ දුව පැමිණ එල්ලෙන නිසාත් ඉන්පසු ගමන් යාමට බොහෝ විට නිසාන් මයික්‍රා කාරයක් කුලියට ගතිමු. අප මිලයට ගත් පළමු කාරය වූයේ මිනි කූපරයකි. ඉන් අපි දීර්ඝ සංචාර හතර පහක් ගිය මුත් එය නිතර අතර මග නවතින්නට විය. ඒ බැටරිය බැසීම නිසාය. අලුත් බැටරි දැම්මද එය ට්‍රැෆික් ලයිට් ළඟ නැවැත්වුව හොත් නැවත පණ ගැන්වීම අසීරු විය. වාහන හදන දෙතුන් දෙනෙකු ගෙන් විමසුවත් ඔවුන්ට ප්‍රශ්නය සොයා ගත නොහැකි විය. අන්තිමේදී දී එය අප සිටි නිවස ඉදිරිපිට ගාල් කර තැබුවෙමු. දවසක ගරාජ් හිමියකු පැමිණ එය පවුම් 25 කට එනම් දැන් කාලයේ මුදලින් රුපියල් පන්දාහකට පමණ රැගෙන ගියේය.