කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Saturday 20 May 2023
ලංකාවේ ලිබරාටි බයියන් , රබයියන්, සබයියන්, ජබයියන් සහ පෙබයියන් - මුන් ඔක්කොම බයියෝ මල්ලි
Wednesday 17 May 2023
ඌබට් අයියයි ජෙරෝමි මල්ලියි - චාන්සලර් ජෙරෙමියි
Sunday 7 May 2023
ඉඩම් හිමි වැවිලිකාර අම්මණ්ඩි ගේ කතාව
එක අම්මණ්ඩි කෙනෙක් හිටිය අපේ පළාත් වල ඇලිස් කියල. හුඟක් මිනිස්සු අත්තටාම බොහොම කැමති වුනා මෙය රැහේ නායිකාව වගේ ඉන්න එකට. හැම දෙනාම කීවේ ඇලිස් අම්මණ්ඩි හරිම නිහතමානී කියල. ඇයට ඉඩකඩම් අති විශාල ප්‍රමාණයක් තිබුණ. ඒ වගේම පළාතේ යාන වාහන, ලොකු ගොඩ නැගිලි, කර්මාන්ත ශාලා පවා එයාට අයිතියි. හැබැයි එයාට ඒවා අයිති වුනේ එයාගේ තාත්ත ගෙන්. එයා හම්බ කරපුව නෙමේ. ඒ මදිවට එයා බදුත් ගැහුවා පළාතේ මිනිසුන් ගෙන්. එයාගේ වතුවල , කම්හල් වල වැඩ කරාට විතරක් නෙමේ. එයාලව බලා ගන්නවටත් එක්ක.
Saturday 29 April 2023
අතුරු නැවතුමක් - stop gap
Saturday 15 April 2023
විපුලි යන්නම ගිහින් අවුරුද්දක්
විපුලි ගැන මේ සටහන ලියන්න හිතාගෙන හිටියේ ගිය අවුරුද්දේ. අන්තිමේදී අවුරුද්දක් ගත වුනේ තේරෙන්නේ නැතිවම වගේ. මම හිතන්නේ මටත් බිරින්දෑ වන ඉනෙස් ටත් විපුලිගේ නික්ම යාම තවම කම්පනය ඇති කරන සිදුවීමක්.
Thursday 6 April 2023
අහෝ පැරකුම් නොදිටි මොක්පුර or is he really sees what Deepthi saw
අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා දීප්ති කුමාර ගුණරත්න එක්ක "පත්තරෙන් එහා" සාකච්චාවක් දාල තිබ්බ. යූ බටේ. ඊයේ තමා ඇහුවේ. පැරා මේ දවස්වල අම්බානක බැනුම් අහනව රනිල් ට රෙදි නැතිව කඩේ යනව හෝ ආණ්ඩුවට කඩේ යනව කියල. මම දන්නා විධිහට දීප්තිත්, පැරත් දෙන්නම් රාජපක්ෂ ක්ලෑන් එකට විරුද්ධයි. මේ දෙන්නම මම දන්නා කාලෙක ඉඳල දෙමළ ජාතියේ ස්වයං නිර්ණයට පක්ෂාපාති වෙච්ච, සිංහල දුටුගැමුණු, කාලිංග මාඝ/එළාර ප්‍රභාකරන් යුද්ධයට ඒ කාලේ ඉඳන්ම රෝහිත භාෂණ , වෙඩ්ඩලා වගේම විරුද්ධ වුන දෙන්නෙක්. ඒ කාලේ ජවිපෙ (සහ වර්තමාන කුමාර්ගේ ගුණරත්නම් ගේ පෙසපද ඇතුළුව) යුද්දෙට සහ රාජපක්ෂල ට ෆුල් සප් එක දුන්න එන්ටිටි එකක්. එතකොට දැන් ඒ කොටස් දෙක වර්මාන අරගලයේ කොටස් කරුවෝ වෙලා ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධ වෙලා යාපනේ මිතුරෝ වෙලා. වසන්ත මුදාලිගේ යාපනෙත් ගියා අන්තරේ වෙනුවෙන්. පට්ට අවුල් වගේ නේද? අපි උඹලට ගැහුවා ඉස්සෙල්ල. දැන් වරෙල්ල අපි සාමය කතා කරන කොට වගේ සීන් කෝන් එක්ක නේහ්. මම අර ටිල්වින් සහෝදරයා එක්ක සාකච්චාවේදී ඇහුවෙත් ඒකයි. ඒ කාලේ රාජපක්ෂලා එක්ක එකතුවෙලා යුද්දෙට සප් එක දුන්න එකට දැන් පසුතැවිලි වෙනවද කියල.
Wednesday 29 March 2023
දෙපතුල් දැවීමේ රෝග ලක්ෂණය සහ කකුල් වල වෙහෙසකාරී බව සුව වීම
කාලයක සිට මගේ දෙපතුල දැවීමක් සහ කකුල් වල පහල කොටසේ එබඳුම දැවිල්ලක්ද ඒවායේ කිසියම් විඩා ගතියකින්ද මම පීඩා වින්දෙමි. මෙම ගැටලුව බොහෝ විට රාත්‍රියේදී මා නිදා සිටියදී සිදු වූ අතර, මම රාත්‍රියේදී අවදි වූයේ දැවෙන පාද සමඟය. වේදනාව සමනය කිරීම සඳහා, මම නිදා ගැනීමට ප්‍රථම පාදවල සහ යටි පතුල් සීතල වතුරේ ඔබාගෙන සිටියෙමි. ඇතැම් විට විවිධ තෙල් වර්ග සහ නොයෙකුත් ක්‍රීම් වර්ගද භාවිතා නිතර භාවිතා කලෙමි. වඩාත්ම කරදරය වූයේ මට සුව නින්දක් නොලැබීමය.
ගුරුගේ මහතා “මහා නෙල්‍යාධි තෛලය” ට සමාන ආයුර්වේද තෙල් භාවිත කර මගේ පාදවලට නිසි සම්බාහනයක් ලබාදුනි. එයට පැයක පමණ කාලයක් ගතවිය. ඉන්පසු ඔහු මා "නික" කොළ ලෙස හඳුනාගත් ඖෂධ පැළෑටි සහිත වසා දැමූ බෙහෙත් ඔරුවක් සහිත වාෂ්ප කාමරයකට ගෙන ගියේය. ඔහු සඳහන් කළේ මට පෙර ජර්මානු යුවළක් එම ආයුර්වේද ප්‍රතිකාරය රැගෙන නික්ම ගිය බවයි.
නික කොළ සහිත වාෂ්ප ප්‍රතිකාරයෙන් පසු, මට ඉමහත් සැහැල්ලුවක් දැනුණු අතර, මගේ ශරීරය සම්පූර්ණයෙන්ම දහදියෙන් පෙඟී තිබුණි. වැදගත්ම දෙය නම්, මම තවදුරටත් දෙපතුල් සහ පාද දැවීමේ සින්ඩ්‍රෝමයෙන් අත් මිදීමයි. දෙකකුලේ වෙහෙස ගතිය ඉඳහිට ඇති මුත්ඒ මා බොහෝ විට දහවල ඇවිදීමෙන් පසුව දැනෙන දෙයක් නිසා ඒ ගැන කරදර නොවෙමි. ආයුර්වේද සම්බාහනය සහ ප්‍රතිකාර ලබාගෙන දැන් මාස පහක් ගතවී ඇත. මෙම නිදන්ගත රෝග තත්ත්වයන් ගෙන් මා සුව වූයේ මන්දැයි මට තවමත් තේරුම් ගත නොහැක. එම තෙල් වර්ගයද මංජුල මහතාගේ උපදෙස් පරිදි රැගෙන ආවෙමි.
මන්ජුල ගුරුගේ මහතා රැකියාව කරන්නේ පානදුරේ කස්තුරිආරච්චි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ය. ඔහුගේ දුරකථන අංකය +94 777547419. මේ ලිපිය ලිවීමට කලින් මේ තොරතුරු සපයන බව ඔහුට දන්වා සිටියෙමි.
ref:
- අජිත් ධර්මකීර්ති 30/03/2023
Tuesday 7 March 2023
උපන් දින සුබ පැතුම
කාල් මාක්ස් කියා ඇත්තේ උපන් දින සුභ පැතීම ධනවාදී දෙයක් කියාය. සමහරවිට එසේ කියන්නට ඇත්තේ බොහෝ අය දුක් විඳිද්දී සුළුතරයක් විශාල මුදලක් වියදම් කර සාද දමන නිසා විය හැක.
Sunday 26 February 2023
ටිල්වින් සිල්වා සහෝදරයාට චිත්‍රපටයක්
Saturday 18 February 2023
අර මැරිලි සහ මේ මැරිලි
ශ්‍රී ලංකාව හිටපු ගමන් අවදි වෙලා කියල පේනවා තරුණ වියට එළැඹෙන ළමයි තුන් දෙනෙක් ගුරුවරියකගේ ස්වාමි පුරුෂයාට ගහල මරපු එකට. ඒ අතරේ ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියනව වගේ තව කට්ටියලක් රැඩිකල් අයට බනිනවා. අරගලේට බනිනවා. මානව හිමිකම් නිසාලු ඔක්කොම. එහෙමනම් ඉතින් මානව හිමිකම් තියන, ළමයින්ට ගහල හදන්නේ නැති ඔක්කොම රටවල කොල්ලෝ කෙල්ලෝ දිගට හරහට මිනිසුන්ව මරනවා ඇතිනේ.