පහුගිය දවසක පොඩි නිවාඩුවක් ගන්න ඉස් තාන් බුල බලා ගියානේ. මෙන්න බොලේ එහෙත් නෙලුං කුළුණක් තියනවා. මේ මොන විගඩමක් ද , සමාවෙන්න මොන අරුමයක්ද කියල ඒක බලන්න ගියා. වැඩිය ලඟට යන්න දුන්නේ නැහැ. එඩුවාන් රාජපස්ස මහත්තයා එතනට රැකවල් දාල තියෙන්නේ.
කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Tuesday 19 March 2024
මාර වැඩක් වුනානේ
පහුගිය දවසක පොඩි නිවාඩුවක් ගන්න ඉස් තාන් බුල බලා ගියානේ. මෙන්න බොලේ එහෙත් නෙලුං කුළුණක් තියනවා. මේ මොන විගඩමක් ද , සමාවෙන්න මොන අරුමයක්ද කියල ඒක බලන්න ගියා. වැඩිය ලඟට යන්න දුන්නේ නැහැ. එඩුවාන් රාජපස්ස මහත්තයා එතනට රැකවල් දාල තියෙන්නේ.
Sunday 10 March 2024
සිරා හෙවත් ප්‍රොෆා - ප්‍රොෆෙසර් සිරිමල් ප්‍රේමකුමාර
Tuesday 5 March 2024
කතා වස්තුවට ඌන පූර්ණයක්
මම හිතුවේ නැහැ සාමාන්‍ය උපහාස කතාවක් ලීවහම - ගංජාසීල වලිමඩුව කතා වස්තුව - ඒක ඊට පස්සේ විස්තර කරලා දෙන්නත් වේවි කියල. නමුත් මේ දවස් වල හුඟක් අය තේරුම් ගන්න විධි වෙනස් කියල මට දැන් වැටහිලා තියෙන්නේ. විශේෂයෙන් ආගම සම්බන්ධව යමක් ලියන කොට. හුඟක් අය කැමති නැහැ ප්‍රසිද්ධියේ යමක් කියන්න වත්.
හරි මුලින්ම මම භාවිතා කරපු පාත්‍ර වර්ගයා ගැන ලියන්න ඕනේ. මම ඇත්තටම ඒ අය ගැන වරදක් නෙමේ කියල තියෙන්නේ. උදාහරණයක් වශයෙන් මාතර ගෙයක් තියනවා කියල මම ලියපු සහෝදරි මගේ හොඳ හිතවත් යෙහෙලියක්. කටුනායක ඉන්නේ. එයා මගේ පොතක් ගැන වරක් එයා වැඩ කල පුවත් පතකට ලිපියකුත් ලියපු කෙනෙක් . (මම කියන්නේ නැතිව. ඒක තමා වැදගත් කම එතන). එයා කොහොමත් වැඩ අධික කෙනෙක්. ඉතින් එයාට මට කෝල් කරන්න වෙන්නේ හුඟක් වෙලාවට යක්කු ගස් නගින වෙලාවට තමයි. මම ඒකට අකමැති නැහැ. මොකද මම වෙලාවට නිදියන කෙනෙකුත් නෙමේනේ.
ඒ විතරක් නෙමේ . එයට ලඟදි ඔපරේෂන් එකකුත් කළා නිදන්ගත රෝගයක් නිසා. එනිසා එයාට දැන් වෛද්‍ය උපදෙස් මත බෙහෙත් දිගටම අරගන්න වෙලා තියෙන්නේ. මම ලංකාවට ගියහම මට ගන්න පොත් හොයන්න මහන්සි නොබලා එන්නේ එයා.
අර පශු වෛද්‍ය තුමී ගැන ඉතිං හැමෝම දන්නවනේ. එයත් එක්ක ඉතින් රණ්ඩු වෙවී යාළු වෙවී තමා නිතරම ඉන්නේ, මේ දවස් වල මම හිතන්නේ යාලුයි. මොකද ඊයෙත් නිසඳැසක් ද කොහෙද එවල තිබුනා. ඉතින් එයත් සෑහෙන්න බිසී , ක්ලිනික් දෙකකම වැඩ නිසා. ඉතින් එයා කොයි වෙලේ කතා කලත් මම තරහ වෙන්නේ නැහැ.
රෑ දහයෙන් පස්සේ නැතිව කොයි වෙලාවට මෙසේජ් එවන්නද හාන්දුරුවනේ කියල තමා අහන්න තියෙන්නේ.
මගේ දුවල දෙන්න රෑ වෙලාවක කතා කරන එක, කෝල් ගන්නේ කෑමක් තියනවනම් කියල ලියපු දේ, ඒවා ඉතින් පොඩ්ඩක් උපහාසයට අතිශයෝක්තියෙන් ලියන ඒවා. ඇත්තටම උන් දෙන්න එහෙම නැහැ. ඉගෙන ගන්න වැඩ අඩුවෙච්චි ගමන් සිකුරාදාට ගෙදර දුවන් එන්න බලාගෙන ඉන්නේ. අපිම විහිළු කරනවා දැන් උඹල කැදැල්ලෙන් යන්නෙම නැත්ද කියල. එයාලටත් ඉතින් වෙලා තියෙන වෙලාවට තමා කතා කරන්නේ. උන් දෙන්නම දන්නවා අපි කොපමණ එයාලට ආදරේද කියල.
මගේ සොහොයුරියෝ ගැනත් මම ලියල තියෙනවනේ. එක්කෙනෙකුට ෂොප් එකේ වැඩ , ගෙදර වැඩ, පන්සලේ, ගමේ වෙන නොයෙකුත් සමාජ සේවා වැඩ එක්ක ඇත්තටම වෙලා නැහැ, ලංකාවේ උයනව කියන එකත් මේ අපට එංගලන්තේ වගේ විගහට ඉක්මනට කරණ දෙයක් නෙමෙයි. ඉතින් පව්. එයාට ඉතින් නිදහස් වෙලාවටනේ කතා කරන්න වෙන්නේ.
අනිත් සොහොයුරියට ඇත්තටම කතා කරන්න වෙලාවක් නැහැ. එයට වැඩ අධිකයි කියල මම දන්නවා. ඇත්තම අලංකාවේ කාන්තා පක්ෂය සෑහෙන්න මහන්සි වෙලා වැඩකරන කට්ටියක්. වැඩට යනවනම් ඊටත් අමාරුයි. මාර්ගයටම ගත වන වෙලාවකුත් තියනවනේ. මං හිතන්නේ ඒ දෙන්නම දන්නවා මම උන්ට කොඡාර ආදරේද කියල. මම වාසනාවන්තයි ඒ අතින්. සොහොයුරියෝ හිටිය නිසා බවලත් උදවිය එක්ක කතා කරන්න අමුතු සබකෝලයක් තිබ්බේ නැහැ.
මේ හැමෝම සහ අනිකුත් යෙහෙළියන්, ඥාති කාන්තාවන් හැමෝම වගේ මගේ ජිවිතේ එලි කරපු අය. මේ කාන්තාවෝ නිසා අපේ ජිවිත වඩා හොඳ වෙලා කියන එකයි මගේ අදහස.
සමහර වෙලාවට , අසීරු දික්කසාදයක් වුන වෙලාවක, මවක්, මිත්තනියක් අකරුණාවන්ත වුන වෙලාවක තරහ ඇති වෙනවා ඇති. ඒක ස්වභාවිකයි. එහෙම වුනා කියල හැම මිත්තනියක්ම , හැම මවක්ම, හැම කසාද ද බැඳපු බිරිඳක් ම එහෙම නැහැ. ගැහැණු එපා කියන සම ලිංගික සහෝදරයෙක් හෝ කිසියම් ආගමික නිකායක බ්‍රහ්මචාරී ව දිවි ගෙවන කෙනෙක් වුනත් උපදින්නේ මවකගේ කුසයකින් මිසක් ඕපපතිකව නෙමෙයි නේ .
එමනිසා එවැනි තරහක් පැසව පැසව තියා ගන්න එකේ තේරුමක් නැහැ.
ඉතින් බ්‍රාහ්මණ ආගමකින් එකතු කරලා අපිරිසිදු කරල තියෙන ආගමක ලියල තියෙන දේවල් මොළෙන් කල්පනා කරන්නේ නැතිව ගිරව් වගේ දේශනා කරන එකෙන් වෙන්නේ සමාජයේ වැදගත්ම කොටසකට අපහාසයක් කරන එක. එවැනි වෙලාවක අපට වුනත් ස්වභාවිකව එනවා, කෝප සහගත හැඟීමක්. ඉතින් අර ලිපියෙන් කලේ කෝප වෙන්නේ නැතිව ඒක උපහාසයට පෙරලීම.
05/03/2023
Friday 23 February 2024
ගංජාසීල වලිමඩුව කතා වස්තුව
Sunday 18 February 2024
රහස් කියන කන්දෙන් මතුවුනු පාරිභෝගික වාදයේ මළගම හා ජගත් මනුවර්ණ
Sunday 4 February 2024
අයිස්ලන්ත සංචාරය - 2 - යෝසිෆ් ටිටෝ - වයිකිං තරුණියන්
Monday 22 January 2024
බෙදාගෙන කනවද බෙදා ගන්නවද
කාලකෙට කලින් අපි ගියා නිවාඩුවකට යාලුවෝ කට්ටියක් එක්ක. අපි ඔක්කොම එකට උයාගෙන කාලා ඉන්න තැනකට තමයි ගියේ. රාත්‍රී කෑම මෙසේදී පොඩි සිද්ධියක් වුනා. මට මේක මතක ඊට පස්සේ කතාවට මේක අදාල වෙන නිසා.
Saturday 13 January 2024
එන්ෆිල්ඩ් හි භූතාත්ම කතාව - මගේ නිගමනය - Dopamine and Alissa White-Gluz (Death metal band)
සමහරවිට ලිපියේ මාතෘකාවේ සමග මා කියන්න යන්නේ කුමක්දැයි දැනටමත් වැටහෙන්නට ඇතැයි සිතමි. මේ භූතාත්ම කතාව පිලිබඳ මගේ මුල්ම ලිපි දෙක මෙසේය.
Sunday 31 December 2023
අයිස්ලන්ත සංචාරය - 1
අප අයිස්ලන්තයට ගියේ 2023 , ජුලි 24 වෙනිදාය. කෙෆ්ලවික් ගුවන් තොටුපලින් අපි ටැක්සියක හෝටලයට ගියෙමු. මම අයිස්ලන්තය ගැන දැන සිටියේ බොහෝ ගිනි කඳු සහිත දූපතක් බවය. එසේම බ්යෝක් Björk Guðmundsdóttir ගායිකාවද එම රටෙන් නිසාය. වරක් අයිස්ලන්ත ගිනි කන්දක පුපුරා යුරෝපයේ අහස දුමින් වැසී ගියේය. ඒ දිනවල ලංකාවේ සිටි අප ලන්ඩනයට ඒමට නොහැකිව සුමාන දෙකක් මීගමුවේ රෝස් ගාඩ්න් නමැති හෝට ලයකට වී සිටියෙමු.
අයිස්ලන්තයේ අශ්වයන් ඉතා කුඩාය. උන් ඇත්තටම පෝනින් මිස් අශ්වයන් කියා කිව නොහැකි මුත් එසේ කියා අයිස්ලන්ත ජාතිකයන් තරහා කර ගන්නට යෑම අනවශ්‍ය දෙයකි.
අයිස්ලන්තයට පැමිණි මුල්ම ජාතිකයන් නොර්විජියානුවන්ය. එනිසා ඔවුන්ගේ මුල් භාෂාව නෝර්ස් ය. නමුත් මෙහිදී අමුතු දෙයක් සිදුවී තිබේ. අයිස්ලන්ත ජාතිකයන්ගේ නෝර්ස් බස ඉතා පැරණිය. මෙය හරියට සිංහලයන් අවුරුදු 1300 කට කලින් පුස්කොල පොත් හෝ ශිලා ලිපි වල සිංහල භාෂාව කතා කරන්නක් මෙනි. නොර්වේ රටේ නෝර්වේජියානු භාෂාව කාලයත්ලු සමග නවීකරණයට ලක්ව තිබේ. පැරැණි නොර්වේ භාෂාව කතා කළද අයිස්ලන්තය බොහෝ කාලයක් ඩෙන්මාර්කයට යටත්ව පාලනය වුනි. එනිසා ඔවුන්ට ඩේනිෂ් භාෂාවද යම් තරමකට වැටහේ.
--අජිත් ධ. 31/12/2023