මුකුත්ම නොලිය ඉන්නත් ඉඳල අන්තිමට ලියන්න තීරණය කළේ අපේ රැඩිකල් සෙට් එකයි සිංහල බෞද්ධ සෙට් එකයි එකම තැන ඉන්නවා දැකල.
රැඩිකල් සෙට් එකට අනුව සාෆි නිවැරදියි. මේක මුස්ලිම් වරුන්ට එරෙහිව ගහන ගැහිල්ලේ කොටසක්. සාෆි යූ ඇන් පී එකෙන් චන්දෙ ඉල්ලලත් තියනවා. ඒක අමතක කරන්නත් එපා. දිවයිනේමාධ්යවේදියෙකු වන හේමන්ත රන්දුනු හා වයඹ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සිද්ධිය පිටුපස සිටින බවත්, සාෆි මිලදී ගත් ගොඩ නැගිල්ලක් නිසා මේ බොරු චෝදනා වලට සම්බන්ධ බවත් කියැවෙනවා.
ඒ සමගම සීඅයිඩී එක පවා බොරු කළාය කියල මේ ලිපියෙන් කියනවා.
"සාෆි අත්අඩංගුවට ගත් පැමිණිල්ල ගැනත් පොලිසියේ වංචාවක් - CID විමර්ශනයෙන් හෙළිවෙයි"
දැන් මගේ අත්දැකීමක් තියනවා මගේ පියා ගැන.මේ ගැන මේ බ්ලොගයේ මීට කලින් ලියලත් තියනවා. ඔහුට තිබුනේ හෙමක්රොමොටොසිස් කියන රෝගය. රුධිරයේ අයන් (යකඩ) වැඩිකම. මේ නිසා අක්මාවේ වැඩිපුර යකඩ තැන්පත් වෙලා සිරෝසිස් හැදෙනවා. බීල නෙමේ. එයාට ප්ලේබෙටෝමි තෙරපි එක නැත්නම් රුධිර ප්ලාස්මා එක දීම (වෙනෙසෙක්ෂන්) මගින් සෑහෙන්න හොඳ වුණා. බටහිර අවුරුදු ගාණක් කරන වෙදකමක්. ලංකාවේ ප්‍රධාන ජාතික රෝහලේ (මහා රෝහලේ) සිටි කරුණාවන්ත වෙදැදුරු තුමෙක් තමා මේ ප්‍රතිකාරය කළේ . මේ ප්‍රතිකාරය කරන තාක් කල් පියා හොඳින් හිටිය. නමුත් අනිකුත් වෛද්‍යවරු දාපු ලෙඩක් නිසා කියල කියන්නේ, මේ වෛද්‍යවරයා වෙන රටකට ගියාලු. මගේ සහෝදරයා , මව සහ සහෝදරිය පියාට මේ ප්‍රතිකාරය දීර්ඝ කරන්න කියල මහා රෝහලේ සිටි වෛද්‍යයවරුන් හා වෛද්‍යවරියන් ගෙන් ඇහුවම බැනල එලවාගෙන. "ඔයාල අපිට වැඩිය දන්නවද ?අපි දෙන බෙහෙත් ගන්න බැරිනම් යන්න."
පියාගේ තත්වය එන්න එන්නම දුර්වල වුණා. ඊට පස්සේ සහෝදර සහෝදරියෝ ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා . ලෙඩේ ගැන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් චැනල් කරගන්න ඕන ක්‍රියාවලිය ඒකයි. ඉන්පස්සේ ඒ වෛද්‍යවරයා සම්බන්ධ ප්‍රධාන රෝහලකට ඇතුළත් කළා. නමුත් ඒ වෛද්‍යවරයාත් මුලින් කී වෛද්‍යවරයා කරපු ප්ලාස්මා දීම (ලංකාවේ නම් කරපු විධිහ) හෙවත් ලේ ඉවත්කර ලේ දීම කළේ නැහැ. වදදුරු වාර්තා තියෙද්දී. එයා මුළු පරීක්ෂණ රොත්තම ආපහු කරන්න ගත්ත. අර පෞද්ගලික රෝහල හරහා. මගේ සහෝදරිය හෙම මේකට විරුද්ධ වුනා . නමුත් වැඩක් වුනේ නැහැ. තාත්ත දුරලා වුනා දවසින් දවස. බැරිම තැන මම කතා කලා . ලන්ඩන් වලින් කතා කරනකොට ලෙඩේ විස්තර, අරව මේවා ඔක්කොම දැන ගන්න පුළුවන් වුනා. ඒ ප්‍රධාන වෛද්‍යවරයම කීව බයවෙන්න එපා මගේ වෙදකමක් තියනවා. මේ පරීක්ෂණ ඉවර වෙලා ඒ ගැන ක්‍රියා කරනවා කියල. ඒක ප්‍රමාදයි දැනට රුධිර පාරවිලනය හෝ ප්ලාස්මා දෙන්න කියන අපේ ඉල්ලීමට එකඟ වුනේ නැහැ.
මේ වෛද්‍යවරයම වෛද්‍ය සිසුන් වගේකට කියල දෙන ගමන් හෙමක්‍රොමටසිස් රෝගය ගැන කියල හොඳ කරන්න බැරිබවත් පරම්පරාගත (genetic haemochromatosis) ලෙඩක් බවත් විස්තර කරලා. තාත්ත අඬ අඬ කියල තියනවා අම්මට සහ මල්ලිට. හැබැයි ඒ වෙනකොට අපි දැනගෙන හිටිය ලෙඩේ සනීපකරන්න බැහැ කියල. නමුත් ජිවත් වන කාලය රුධිරය දීම මගින් දිගු කරන්න පුළුවන් කියලත් අවසන් අවධියේ වේදනාව අඩු කරන්න පුළුවන් කියලත්. අපි ඒකට ගෙව්වත් එක්ක හැම මාසයකම. (රුධිර ප්ලාස්මා එකට)
හැබැයි ඒ වෙලාවේ නම් මම ටිකක් තදින් කතා කරලා "ප්‍රධාන වෛද්‍යවරයාට " ඇහුව මොන වෛද්‍ය ආචාර ධර්මවලද තියෙන්නේ ලෙඩා ඉස්සරහම ශිෂ්‍යයන්ට කියන්න ලෙඩා හෙට අනිද්දා මැරෙනවා කියල "
එම දොස්තර තුමා සොරි කිව්වා. ඊට පස්සේ කිව්වා ලන්ඩන් එවන්න තරම් හොඳට ලෙඩාව සනීප කරනවා කියල. සනීප වෙන්නැති ලෙඩක් සනිපකරන්නේ කොහොමද කියල මම ඇහුවේ නැහැ. හැබැයි ඊට සුමානෙකට පස්සේ තාත්තා එක පාරටම අමාරු වෙලා දින තුනකින් වගේ මැරුණා. මැරුණ හේතුව සිරෝසිස් නෙමේ. නියුමෝනියාව. මේ ලෙඩේ නිසා ප්‍රතිශක්තිය සෑහෙන්න අඩුවෙනවා. එනිසා වෙන ලෙඩ අඩුම ගණනේ හෙම්බිරිස්සාව තියෙන කෙනෙක්වත් ලඟින් තියන්නේ නැහැ. තාත්තා ගාව නියුමෝනියා හැදිච්ච ලෙඩෙක් තියලා දවස් ගාණක්. මම ඇයි කියල ඇහුවම ඒකටත් "සොරි" කිව්වා.
ඒ වාට්ටුවේ හිටි හෙදියක් සහ වෛද්‍යවරු දෙදෙනෙක් මට පස්සේ ලංඩන් වලදී හම්බ වුනා. ඒ අය ඇත්තටම හුඟක් උදව් කරලත් තිබ්බ. නමුත් එයාලට අනුව ලංකාවේ වෙන දේවල වෙන විධිහේ ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමේ කාටවත් කඩන්න බැහැ. අවම වශයෙන් මම දන්නේ එහෙමෙයි.
අපි දන්නා , බ්ලොග් ලියන කියන, ෆේස් බුක් එකේ ලියන හුඟක් හොඳ බටහිර වෛද්‍යවරු ඉන්නවා. ඒ අයට කියන දෙයක් නෙමේ මේ.
හැබැයි ලෙඩ්ඩුන් ගෙන් අහන්නේ නැතිව , ලෙඩ්ඩුන්ට හෝ ඔවුන්ගේ භාරකරුවනට නොකිය කරන දේ වෙනවා කියල මම අහලා තියනවා. ලෙඩ්ඩුන්ට ප්‍රශ්න අහන්නත් අමාරුයි පෞද්ගලික රෝහලක නොවේ නම්. ඊට අමතරව සිසේරියන් වගේ ශල්‍යකර්මයක් නම් එංගලන්තය වගේ රටවල කරන්නේ අන්තිම වගේ අවස්ථාවක . ස්වභාවික විධිහට ළමය ලැබෙන්නේ නැත්නම් පමණයි . ලංකාවේ ඒක පළවෙනිම තෝරා ගැනීම හැටියටත් වෛද්‍යවරුම තීරණය කරලා කරනවලු.
ලංකාවේ උපත්පාලන සීන් කෝන් එක තදේටම යන රටක්. ඒක හරි. වැඩිපුර ළමයි හදා ගන්නේ නැතිව ළමයෙක් දෙන්නෙක් වගේ හදාගෙන ඒ ළමයින්ට හොඳ ජිවිතයක් දෙන එක ළමයි දහ දෙනෙක් හදාගෙන දුක් විඳවනවට වඩා හොඳයි. හැබැයි ඒක තීරණය කරන්න ඕනේ මවහෝ පියා මිස රජය නෙමේ.
ලංකාවේ ඒකත් රජය විසින් තීරණය කරනවා කියල මට කනින් කොනින් ඇසිලා තියනවා.
දොස්තර සාෆිට ශල්යකර්මකිරීම තනියම කරන්න බැහැ. නිර්වින්දන වෛද්‍යවරු, හෙදියන් ඇතුළු කිහිප දෙනෙක් ඔතන ඉන්නවා. ඒ අයගේ අනුදැනුම ඇතුවයි ඕන දෙයක් වෙන්නේ.
වෛද්‍ය සංගමය අසාමාන්‍ය ලෙස නිහඬයි වගේ කියලත් පේනවා. හැම දෙයකටම ජාත්යානුරාගීව ඉඳිරියට එන ඔවුන් ජාතිය අමතක කරලා ඉන්නේ ඇයි වගේ ප්‍රශ්නයක් මට එනවා.
එනිසාම මට ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.
වඳ භාවයට පත් කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තියක් තිබුනාද?
ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා , මහින්ද සහ මෛත්‍රී රජයයන් යටතේ එය ක්‍රියාත්මක වුණාද?
මව්වරුන්ගේ අනුදැනුම නොමැතිව එය ක්‍රියාත්මක වුනාද ?
එවැනි ක්‍රියාවලියකට ජාති භේදයකින් තොරව බොහෝ වෛද්‍යවරුන් හා හෙදියන් සම්බන්ධ වුනාද?
ජනාධිපති කාරක සභාවක් පත් කරලා මේ ගැන හොයා බලන්න වෙයිද?
පින්තූර: Cesarean Section Step by Step Procedure
Differences Between Vaginal and C-Section Childbirth
How I treat hemochromatosis