බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 18) ස්කොට්ලන්තය වෙන්වන්නේද නැත්ද කියා තීරණය කරනු ඇත.
ලන්ඩනයේ ස්කොට්ලන්ත ත්රස්තයන් බෝම්බ පුපුරුවාගෙන බස් වල දුම්රිය වල අහිංසක මිනිසුන් මරාගෙන මැරෙන්නේ නැත. ලන්ඩන් නගර වාසින් සරම කැහැපට ගහගෙන (හෝ කලිසම උඩට නවා ගෙන) ස්කොට්ලන්ත වාසීන්ගේ ගෙවල් ගිනිතබා ඔවුන් මරා දමන්නේ නැත.
ස්කොට්ලන්ත වාසින් කතා කරන්නේ ඔවුන්ගේම ආරයකින් යුත් ඉංග්‍රීසි භාෂාවය. එසේ නැත්නම් සෑම ස්කොට්ලන්ත වැසියෙක්ම තම කෙල්ටික් (celtic/gaelic ) ස්කොටිෂ් භාෂාවට අමතරව ඉංග්‍රීසි කතා කරති. ස්කොට්ලන්ත වැසියන්ට එංගලන්තයේ වැඩ කිරීමට බාධාවක් නැත. (ලංකාවේ දෙමල වැසියන්ට දකුණේ වැඩ කිරීමට බාදාවක් නැත)
දකුණු එංගලන්තයේ ස්කොට්ලන්ත ජාතිකයන්ට පහර දෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් පෙළපාලි යති. රුපවාහිනී විවාද තබති. පහත ඇත්තේ ස්වාධින ස්කොට්ලන්තයක් සඳහා වන රැළියක ඔවුන්ගේ ජාතික කොඩිය රැගත් කතකි. අනිත් පින්තුරයේ තරුණිය ඉයස් (yes ) ව්‍යාපාරය (ස්කොට්ලන්ත ස්වාධිනත්වයට පක්ෂව) සඳහා පත්‍රිකා බෙදයි. මේ සියල්ල සිදුවන්නේ සාමාකාමිවය.
නමුත් මෙසේ සාමාකාමිව පැවතුනේ පසුගිය අවුරුදු 300 පුරා පමණි. එයට පෙර ඉංග්‍රීසින් හා ස්කොට් වරුන් බොහෝවිට සිටියේ යුද වැදගෙනය. එංගලන්තය වැඩි හරියක්ම සටන් වැද ගත්තේ ස්කොට්ලන්තය සමගය.පහත ඇත්තේ එසේ යුද වැදුන ස්කොට්ලන්ත විරුවෙකු වන විලියම් වැලස් සේ මේල් ගිබ්සන් රඟපාන "Brave Heart " (නිර්භීත හදවත) චිත්‍රපටියේ ජවනිකාවකි.
මේ යුදවල දිග ලැයිස්තුවක් මෙහි තිබේ. http://en.wikipedia.org/wiki/List_of_battles_between_Scotland_and_England
The acts of union යනු 1707 දී ස්කොට්ලන්තය හා එංගලන්තය අතර ඇති කරගත් ගිවිසුමයි. එක්සත් රාජධානිය බිහි වුනේ මේ ගිවිසුමෙන් පසුවය. එංගලන්ත හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තු එක්සත් වූ අතර එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව 1707 ඔක්තෝබරයේ ප්‍රථම වරට රැස්වුනි.
ධනවාදයේ දියුණුව ඇති වන්නට නම් ජාතීන්ගේ බෙදීම් තිබිය නොහැකිය. ප්‍රාග්ධන හිමියාට අවශ්‍ය වන්නේ නොබෙදුන මිනිස් ශ්‍රමයයි. නිෂ්පාදන බලවේග අයත් පන්තියට අවශ්‍ය වන්නේ එසේ නොබෙදුන , බැඳීම් නැති ශ්‍රමිකයන් පිරිසක් හා විශාල වෙළඳ පලකි. එක්සත් රාජධානිය ශ්‍රිඝ්‍රයෙන් ධනවාදයට ගමන් කරන්නේ මින් පසුවයි. 1760 ගණන්වල කාර්මික විප්ලවයට පදනම වැටෙන්නේද මෙලෙස එක්සත්වූ රටවල් දෙකක් වන ජර්මනිය හා එක්සත් රාජධානිය නිසයි.
ඉහත පින්තුරයේ ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ එකතුව සඳහා (union ) පෙනී සිටින කාන්තාවන් තිදෙනෙකි.
දැන් ප්රශ්නය ඇත්තේ හොඳට එකට සිටි මේ දෙගොල්ල ගෙන් ස්කොට්ලන්තයට වෙන් වන්නට අවශ්‍ය වන්නේ ඇයිද යන්නයි?
මගේ යහළුවකු වන ස්කොට් වැසියෙකු කීවේ මෙසේයි.
"අපිට සිරියාවට ගහන්න ඕනේ නැහැ. අපිට ඉරාකයට ගහන්න ඕනේ නැහැ. අපේ තෙල් වල සල්ලි අපට ඕනේ. එංගලන්තයේ දාපු කාමර බදු නිතිය (Bedroom tax ) අපට ගෙවන්න ඕනේ නැහැ. (ඔබ සමාජ සුභ සාධක මුදල් ලබා ජිවත් වෙන ආණ්ඩුවේ නිවසක ජිවත් වෙන්නේ නම් හා ඔබේ වැඩිපුර කාමරයක් ඇත්නම් එයට බද්දක් ගෙවිය යුතු වේ- මෙය අලුතින් පනවන් ලද්දකි.). අපට රුසියාව සමග හොඳින් ඉන්නත් , යුරෝපයට ඇතුළුවී හොඳින් ඉන්නත් ඕනේ. අපට සමාජවාදය ඕනේ නම් ඒකට ඉංග්‍රීසින් ගෙන් අහන්න ඕනේ නැහැ. "
බැලුවහම දෙපැත්තම හරි වගේ. හැබැයි එක දෙයක් කිය යුතුයි. දැන් කොච්චර ශිලචාරව වාද කලත් , ස්වාධිනත්වය සඳහා වන චන්දය පැරදුන හොත් නිදහස සඳහා පෙළපාලි ගිය දහස් ගානක් ඒක අත අරින්න සුදානම් නැහැ. වෙන විධිහක (ආයුධ නැතුව හෝ ඇතිව ) කැරැල්ලක් , උද්ඝෝෂණයක් එන්න පුළුවන් කම තිබෙනවා. එසේම ස්කොට්ලන්තය දිනුවොත් , එංගලන්ත පැත්තෙන් ආයුධ සහිත දේශ සිමාවක් පනවන බව කියනවා. එහෙම වුනොත් එංගලන්තය ආයුධ යවමින් ස්කොට්ලන්තයේ නිරවුල් භාවය නැති කරාවි.
අවුරදු 300 ක සාමය හා ශිෂ්ටාචාරත්මක දික්කසාදය වෙනුවට ...ලේ හලන යුද්ධයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්.
ධනවාදයේ වුවමනාවට නිර්මාණය කල වෙළඳපල ඔවුන්ම විනාශ කර ගන්නේ ඇයි?
නැගී එන එංගලන්ත අධිරාජ්‍යවාදයට 1707 ගිවිසුමෙන් තවත් වෙළඳපලක් ලැබුණි.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය කාර්මික විප්ලය සමගින් ලොව පුර පැතිර ගියේය.
එම අධිරාජ්‍යය බිදී වැටුනු අතර දැන් එක්සත් රාජධානියද බිඳ වැටෙමින් වඩා බලවත් යුරෝපා සංගමය බිහි වෙමින් පවතී. මාක්ස් පැවසුයේ එයයි.
යුරෝපා සංගමයට විරුද්ධ නයිජල් ෆාරාජ් ගේ පක්ෂය එංගලන්තයේ සිඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. නමුත් එංගලන්තයට එසේ ඉවත්ව යා නොහැක. ලෝක ධනවාදය එයට ඉඩ නොදෙනු ඇත.
පසු වදන: චීන හා ඉන්දියන් අධිරාජ්‍යවාදීන් තම වෙළඳපොල සඳහා අනිත් රටවල් වලට ආයුධ සපයා ඕනෑම ත්‍රස්තවාදී හෝ වේවා නිදහස් හෝ වේවා ව්‍යාපාරයක් මර්දනය කරන්නට ආධාර කරයි. විහිද යන ධනවාදයට අවශ්‍ය ජාතිවාදී බෙදීම් නොව ශක්තිමත් ඒකාධිකාරී රජයක් හා නොබෙදුණු ශ්‍රමිකයන් රැලකි.