කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Saturday, 5 March 2022
රුසියානු යුධ සැලසුම, බටහිර මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි
Monday, 28 February 2022
න්‍යෂ්ටික මරණයේ සීතල - රුසියාව නැති ලෝකයක් අපට අවශ්‍යද - ද්මිත්රි කිසිල්යෙව් ගේ තර්ජනය
Saturday, 26 February 2022
ලංකාවේ චීන මිසයිල පිහිටෙව්වොත් ඔබ ගන්නේ කොයි පැත්තද?
Thursday, 24 February 2022
රුසියානු ඉතිහාසය සහ යුක්රේනියානු පෙකනිවැල
ක්‍රිපූ 2000 - සංචාරක ගෝත්‍රිකයන් (කුර්ගන්වරු ) - ස්කයිතියන් ලෙසින් හඳුන්වනු ලැබු මොවුහු රුසියාවේ, ලෝකඩ යුගයේ සංස්කෘතීය ගොඩ නැගුහ. සංචාරක ගෝත්‍රිකයන් විසින් ඔවුන් යටපත් කරන ලදී.
ක්‍රිව 0650 - ස්ලාව් ජාතිකයන් (බොහෝ ගෝත්‍ර)
ක්‍රිව 800 - ස්කැන්ඩිනෙවියාවේ සිට පැමිණි වයිකින්ග් වරු දොන් නදිය, ද්නීපර් හා වොල්ගා නදී හරහා රුසියාව අභ්‍යන්තරයටම ගොස් පදිංචි වූහ. මොවුන් වරන්ගියන් වරු ලෙසද හඳුන්වනු ලැබේ.
ක්‍රිව 0862 – නැගෙනහිර ස්ලාව් වරුන් විසින් වරන්ගියානු යුධ නායක රූරික් ට තමන්ගේ නායකයා වන ලෙස ආරාධනය කළහ. රුරිල් කුමරු නොවොගොරොඩ් නගරය මුල් කරගෙන තමන්ගේ රාජධානිය ගොඩ නැගුවේය. රුරිකිඩ්ස් නමින් හඳුන්වන මොවුහු කීව් ප්‍රදේශය, නොවොගොර්ඩ් ඇතුළු ප්‍රදේශ වසර 700 පාලනය කල අතර තමන්ව හඳුන්වා ගත්තේ රුස් යන නමිනි. තමන් ජීවත්වූ ප්‍රදේශය රුසියාව නමින් හඳුන්වා ගත්හ.
වැදගත් කොටස - රූරික්ගේ අනුප්‍රාප්තික ඔලෙග් (ඔලෙග් කුමරු - 879-912) කියෙව් නගරය අල්ලා ගත් අතර එය කීවන් රුස් නම් විශාල ප්‍රදේශයේ අගනුවර බවට පත් කළේය.
ක්‍රි.ව 0988 - මහා ව්ලැඩිමීර් (980-1015) ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගමට වැළඳ ගත්තේය. (තව දුරටත් කියෙව් අගනුවර විය.) (යුක්රේනය සහ රුසියාව යන රටවල්දෙකම ක්‍රිස්තියානි ධර්මය පිළිගත්තේය)
ක්‍රිව 1040 – යාරොස්ලාව් ප්‍රඥාවන්ත (1019 – 1054) යටතේ කීවන් රුස් රාජධානියේ ස්වර්ණමය යුගය ඇරඹුණි. ඔහු නව ප්‍රදේශ යුදයෙන් අත්පත් කර ගත්තේය. නීති මාලාවන්සං ග්‍රහ කිරීම සඳහා ඔහුට ගෞරවය හිමි විය. යුරෝපයේ බලවත් රාජ්‍යයන්ගෙන් එකක් බවට කීවන් රුස් පත්විය.
ක්‍රි.ව. 1054 - යරෝස්ලාව් ගේ පුතුන් අතර යුද්ධ නිසා කීවන් රුස් රාජ්‍යයන් කිහිපයක් ලෙස බිඳී විසිරී ගියේය (සහෝදරවරු එකිනෙකා අතර සටන් කළහ).
ක්‍රි.ව. 1223 ජෙන්ගිස් ඛාන් යටතේ මොංගෝලියානු ප්‍රහාරය, කීවන් රුස් රාජධානිය පරාජය කර, ඛාන් නැවත මොන්ගෝලියාවට පසු බැස්සේය. .
ක්‍රි.ව. 1237 - බටු ඛාන්ගේ නායකත්වයෙන් යුත් මොන්ගෝලියානු හමුදාව කීවන් රුස් සහ සියලුම රාජධානි (ව්ලැඩිමීර්, රොස්තොව්, කියසාන්, කියෙව් නගර) යටත් කර ගත්තේය - නොවොගොරොඩ් විනාශ නොවී ඉතිරි වූයේ ඔවුන් මොන්ගොල් පාලනය පිළිගත් බැවිනි. .
ක්‍රිව 1242 - නොවොගොරොඩ් රජු ඇලෙක්සැන්ඩර් නෙව්ස්කි ටියුටොනික් නයිට්වරු පරාජය කළේය.
1253 - මොන්ගෝලියානු රජු (ටටාර්) - (ගෝල්ඩන් හෝඩ් )කීවන් රුස් සහ මුළු දේශයම යටතට ගෙන පාලනය කළේය ("ටාටාර් වියගහ" යටතේ රුසියාව යන නමින් හඳුන්වන්නේ මේ කාලයටය. )
1283 - නෙව්ස්කිගේ පුත් ඩැනියෙල් මොස්කව්හි මහා ප්‍රදේශය පිහිටුවන ලදී (Grand Principality of Moscow)
1313 – ටටාර්වරු උස්බෙක් ඛාන් යටතේ ඉස්ලාම් දහම වැළඳ ගත්හ.
1362 - ලිතුවේනියාවේ මහා ආදිපාදවරයා ටාටාර්වරුන් පරාජය කර කියෙව් ද යටත් කර ගත්තේය.
1380 කුලිකොවෝ සටනේදී මොස්කව්හි ජේෂ්ඨ කුමරු දිමිත්‍රි ඩොන්ස්කෝයි ද ටාටාර්වරුන් පරාජය කළේය.
ක්‍රි.ව. 1453 ටටාර් අධිරාජ්‍යය (ගෝල්ඩන් හෝර්ඩ්) විසුරුවා හරින ලදී. එය සහ කොන්ස්ටන්ටිනෝපල් (බයිසන්ටයින් අධිරාජ්‍යය) තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයට යටත් විය.
ක්‍රි.ව. 1478 - මොස්කව්හි ජේෂ්ඨ කුමරු නොවොගොරොඩ් නගරය තමන්ට ඈඳා ගත්තේය - පළමු රුසියානු රාජ්‍යය නිර්මාණය කරන ලදී. ක්‍රිස්තු වර්ෂ 1480 දී II වන අයිවන් ටාටාර්වරුන්ව නැවත වරක් පරාජය කළේය.
1547 - රුසියාවේ පළමු සාර් රජු බිහි විය.- අයිවන් IV (අයිවන් ද බිහිසුණු) 1533-1584 නමින් හැඳින්වුණේ ඔහුය. පෝලන්ත-ලිතුවේනියානු අධිරාජ්‍යය විසින් ඔහු පරාජය කරන ලද අතර කියෙව් නගරය එම පෝලන්ත ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලයට යටත් විය. (ලිවෝනියානු යුද්ධය)
වැදගත් - 1572 - ක්රිමියානු ඛාන් වරු (මුස්ලිම්) මොස්කව් ආක්‍රමණය කළහ. නමුත් ඊට පසු අවුරුද්දේ රුසියානුවන් ඔවුන්ව පරාජය කළහ. කොසැක් වරු මුල් වරට ස්ටෙප්ස් තණ බිමේ පදිංචි විය.
1582 – කොසක් නායකයෙකු හා කොසක් වරු සමග රුසියානු හමුදා සයිබීරියාවේ ටටාර්වරුන්ව පරාජය කරන ලදී.
1598 - පළමු ෆියෝදොරෝව් 1 රජුගේ මරණය, රුරික් රාජවංශයේ අවසානය සටහන් විය. බොරිස් ගොදුනොව් නමැති රාජ්‍ය සේවකයා සාර් බවට පත් විය.
1608 - 1613 ක්‍රි.ව- කිසිදු තනි පාලකයෙක් නොසිටිය රුසියාව අරාජික තත්වයකට පත්විය. පෝලන්තය මොස්කව් ද , ස්වීඩනය -නොවොගොරොඩ්ද යටත් කරගෙන සිටියහ. පොෂාර්ස්කි කුමරු සහ කුස්මා 1612 නොවැම්බර් 4 වන දින පෝලන්ත ජාතිකයින් මොස්කව් වලින් නෙරපා හරින ලදී - රුසියානු එක්සත් දිනය ලෙස හඳුන්වන්නේද සෝවියට් දේශයේ හමුදා දිනය ලෙස හැඳින්වූයේද මේ දිනයයි.
1613 - මිහායිල් රොමොනොව් - පළමු සාර් රොමොනොව් සිංහාසනයට පැමිණියේය. ඔහුගේ පුත් සාර් ඇලෙක්සි නව නීති සංග්රහයක්ක් රියාත්මක කළේය.
1649 - රුසියානු ගොවීන් (ඔවුන්ගෙන් 80% ක් පමණ ) ප්රවේණි දාසයන් බවට පත් විය (වහලුන් වැනිවූ ඔවුන්ට සංචාරය කිරීමට හෝ ස්වාමියෙකු තෝරා ගැනීමට නිදහසක් තිබුනේ නැත, ඔවුන් ඉඩම් හිමියන්ට සහ ස්වාමිවරුන්ට අයිති වස්තූන් විය)
1654 - වැදගත් - යුක්රේනියානු සපොරිෂියන් කොසැක් වරු පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලයට එරෙහිව කැරලි ගසා රුසියානු සාර් ඇලෙක්සි ඔවුන්ගේ අධිපතියා ලෙස පිළිගෙන ඔහුගෙන් හමුදා සහාය ඉල්ලා සිටියේය.
1667 - රුසියාව සාර් ඇලෙක්සි යටතේ පෝලන්ත ලිතුවේනියානු පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ වසර 13 ක් සටන් කළේය. රුසියාව ජයග්‍රහණය කළ අතර ස්මොලෙන්ස්ක් සහ නැගෙනහිර යුක්රේනය ඈඳා ගත්තේය. (දැන් දොන්බාස් නමින් හඳුන්වන පෙදෙස )
1686 - රුසියාව ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහි ශුද්ධ යුද්ධයට එංගලන්තය සහ ප්‍රංශය සමඟ එක් විය
1688 - සොෆියා රැජින යටතේ - රුසියාව චීනය සමඟ පළමු ගිවිසුම අත්සන් කළේය
- අජිත් ධර්මකීර්ති
Saturday, 12 February 2022
සීතලේ උණුසුම්ම දවස
Sunday, 6 February 2022
රුසියානු යුක්රේන ප්රශ්නයේ තවත් පැතිකඩක්
රුසියානු යුක්රේන ප්‍රශ්නයට මූලික හේතුව ඇත්තේ කොතනද? බොහෝ සමාජවාදීන් බොහෝවිට මා සමග එකඟ නොවෙනු ඇත. වත්මන් යුක්රේන අර්බුදයේ මුලික හේතුව වන්නේ ජෝසෆ් ස්ටාලින් සහ ඔහු විසින් බලහත්කාරයෙන් සාමූහික ගොවිපලවල් නිර්මානය කිරීම බව මගේ අදහසයි. මෙය සිදුවුනේ හතළිස් ගණන් වල දෙවන ලෝක යුද්ධයට පෙරය. මේ නිසා යුක්රේනියානුවන් මිලියන ගණනක් මිය ගියහ. අනුප්‍රාප්තික සෝවියට් රජයන් හෝ රුසියානු නායකයන් ඒ පිළිබඳව තම සහෝදර වැසියන් ගෙන් සමාව නොගත්හ. ජනාධිපති පුටින් අවම වශයෙන් ඒ පිළිබඳව සමාව ගත යුතු අතර එහි හොඳ ප්‍රතිඵලය ඔහුටම පසුව දැනෙනු ඇත.
Tuesday, 1 February 2022
දේශපාලන සංවාද සඳහා අළුත් බිත්තර විකුණනු ලැබේ
මේ දවස්වල බිත්තර සෑහෙන්න ජනප්‍රිය වෙලා. සෙන්පති කෙනෙක්ගේ කාණ්ඩයක් දිසා නායක කෙනෙකුට බිත්තර ප්‍රහාරයක් එල්ල කරලාලු. ඒකට දැන් පොලිසිත් ගිහිල්ල. දෙපැත්තක් චෝදනා කර ගන්නවා.
Friday, 21 January 2022
දුරේක්ෂයකින් ග්‍රහලෝක හා තාරකා බැලීමට පෙර
Saturday, 8 January 2022
රුසියානු හිනා කතා
Monday, 3 January 2022
ගොවියා, ධීවරයා හා කම්කරුවා
ඒ අතරතුරේ ඒවායේ පින්තුරද දමමින් අන් යට කොචොක් කරයි. මෙවැනි ආත්මාර්ථකාමී, නින්දිත, අශික්කිත ආකාරයට හැසිරිය හැකි වෙනක් අයෙක් වේ නම් ඒ අජිත් කීර්ති මහතාම විය යුතුය.
මෙවැනි දෑ වලින් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද? අනෙකාගේ වේදනාව නොතේරීම නොව, නොදන්නවා වගේ සිටීමය.
මේවා දමා අජිත් මහතා සිතනවා ඇත්තේ ගොවියා, ධීවරයා, කම්කරුවා පව් කියා විය යුතුය. ඒත් අපට කීමට ඇත්තේ අජිත් පව් කියාය.