(මෙම වීඩියෝව වසන්ති නානායක්කාර .අධ්‍යක්ෂණය කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ ටෝකින් බුක් , කතාකරන පොත් නම් වැඩසටහනට විකාශනය වූවකි.)
"දෙයක් වේ නම් යම් සුදුස්සාටමඅයිති විය යුතු
රියැදුරු මනාවූ
ලැබිය යුතු වූ සේම අස් රිය"
බර්ටෝල් බ්‍රෙෂ්ට් කියා තිබුනේ එසේය. එහෙත් එය ශ්‍රී ලාංකීය සමාජය තුලට කිසිසේත් වලංගු නොවන වගට ඕනෑවටත් වඩා කාරණා ගෙනහැර දැක්වීමට පුලුවන. දේශපාලන ක්ෂේත්රය ,මාධ්‍ය ක්ෂේත්රය මේ වන විට කුණු වි හමාරය. සෙසු බොහෝ තැන් හී තත්ත්වය ද එසේම ය. එක් අතකට සමස්ත සමාජයම කුණු වී තිබියදි , මනුස්සකම් සෝදාපාලු වී තිබියදි, මෙවන් තැන් හී පමණක් සාධාරණත්වයක් බලාපොරොත්තු වීම සැබැවින්ම සිහිනයක්මය.
මා ලියන්නට ගියේ අශෝක සර් ගැනය.එහෙත් පසුගිය කාලය පුරාත්, මේ මොහොතේත් අත් විදිමින් පවතින අතිශය කටුක සහ මානුෂික නොවන බොහෝ කාරණා නිසා සිත ඕනෑවටත් වඩාත් කලකිරිමකින් මෙන්ම ,දැරිය නොහැකි පීඩාවකින් සිටින නිසාම, මා නොසිතාම ලියවෙන්නේ වෙනත් කාරණය..
අශෝක කෝවිලගේ නම් වූ ප්‍රවීන සංගිතවේදියා මගේ ගිටාර් ගුරුවරයා ය. ඔහු තමන්ගෙන් ශිල්ප හදාරන්නට පැමිණෙන සියල්ලන්ට එකලෙස සිය දැනුම නිර්ලෝභීව ලබා දෙන ගුරුවරයෙක් බව, ඔහුගෙන් ශිල්ප ලබන සෑම අයෙකුම සහතික වන දෙයකි. එහෙත් අවාසනාවට මම ඔහුගේ දක්ෂ ගෝලයෙකු නොවුනේ සතතාභ්‍යාෂය නොකරන නිසා බව ගුරුවරයාටත් වඩා මම දන්නෙමි. අප ජිවත් වන සමාජයේ එකිනෙකාගේ කැපිලි කෙටිලි, අයුක්තිසහගත අසාධාරනයන් ඇතුලු දහසකුත් ජීවන ගැටලු හමුවේ සතතාභ්‍යාෂය කිරිම සිහිනයක්ම බව ඒ සියල්ලන්ටත් වඩා හොදින් දන්නෙත් මා ය. කෙසේ වුවද සිත අනේකවිධ ගැටලුවලින් පිරී තිබියදි පවා නිමේශයකට හිත සංසුන් කරගන්නට ගීත කිහිපයක් හෝ වයන්නට හැකි වීම ගැන හිතේ ඇත්තේ සතුට කි. එහි ගෞරවය හිමි විය යුත්තේ ද අශෝක සර්ට ය. ඒ අතුරු කතා ය.
අසෝක කෝවිලගේ ගිටාරය සමග මැද |
ගීත සියයකට වඩා සංගීත ක්ෂේත්රයට දශක ගණනවක් පුරා දායාද කළ, මෙම අපූර්ව සංගිතවේදියා, ගේය පදරචකයා, නිර්මාණවේදියා ටෙලිවිෂන් නාලීකාවක පලමු වරට සංගීත වැඩසටහනක සංගීත අධ්‍යක්ෂනය කරන දුර්ලභ අවස්ථාවක් මා දුටුවේ ඉකුත් සෙනසුරාදාය. ටීවී චැනල් පුරා නිරන්තව දකින , සංගිතය කලාව සාහිත්‍ය මේ ආදි දේ පිළිබද දේශනයන් විග්රහයන් කරන සංගීත ඔස්තාර්ලා අතර මෙම සංගීතවේදියා දැකීම මට කිසියම් සතුටක් වුව ද , සංගීතවේදියෙකු ලෙස ඔහු තමාගේ නිර්‍ර්මාණයක් සමාජගත කරන්නට , අරුත්සුන් ගීත අතරට අරුත්බර නිර්මාණ එක්කරන්නට දරන කටුක වෙහෙස කොතෙක්ද යන්න පිලිබඳව මාධ්‍යවේදිනියක් ලෙසද දැනසිටි හෙයින් සිතේ සතුට පරයා දැනුනේ මහා දුකකි
ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල ගයන සෙනෙහස ඉල්ලා ලියතඹරා ලග හඩා වැටෙනවා බඹර තුඩක්, නීල වික්‍රමසිංහ කමල් අද්දරරචි ගයන තුන් සිතදැහැන් ගතවෙලා - සිතුවිලි සසල කරවනා, සුනිල් එදිරිසිංහ ගයන පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා ඔහු ලියා ඇති ගීත ගණනාවක් අතරින් කිහිපයකි.. එසේස ප්‍රියානි ජයසිංහ ගයන කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම් - තනියට ඉන්නම් තනි නොකරනවා නම්, සුන්දර හදකට දී පෙම් වරම්- පෙම් කර ඒ සිතටම පෙම් බැදන්, අලුත් සද ඇවිත්..කුමා අත්තනායක ගයන කදු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ - එක සිත නැති නැති නුඹේ සිතත් දහ අට වංගුව වාගේ, මේ මොහොතේ මගේ මතකයේ රැදී තිබෙන ගීත අතරින් කිහිපයකි. ඒ හැරුනු විට නිරෝශා විරාජනි, උරේශා රවිහාරි, ශශික නිසංසලා , ටීඑම් ජයරත්න ,නිහාල් නෙල්සන් ,නන්දා මාලනී, මරියසෙල් ගුණතිලක ආදි ප්‍රවීන ගායක ගායිකාවන් වෙනුවෙන් ගීත රචනයෙන්, සංගිතවත් කිරීමෙන් තනු රචනයෙන් දායකත්වය දී තිබිණ . සොදුරු සිතැත්තිය, පූජනීයයි ආදරේ ඇතුලු තවත් ටෙලි නාට්‍ය කිහිපයක් සංගීතයෙන් දායක් වූ නිර්මාණ අතර විය.
බෙහෝ කලාකරුවන් තමන් වෙනුවෙන් පෞද්ගලික ලාභ ප්රයෝජනයන්, අපේක්ෂා කරනු මම දැක ඇත්තෙමි. ගෙයක් ඉඩමක් මුදලක් ඉල්ලා ඔවුන් බලධාරින් පසුපස යනු ද මම දැක ඇත්තෙමි. එහෙත් අශෝක සර් කිසිදා මා දන්නා තරමින් එවන් ප්රතිලාභ කිසිදු බලධාරියෙකුගෙන් හෝ තමන් නිරත ක්ෂේත්රයේ අයෙකුගෙන් හෝ ඉල්ලා සිටිනු මම දැක නැත්තෙමි. ගිටාර් , කී බෝර්ඩ් ක්ලාස් පවත්වමින්, නිර්මණාද කරමින් ඔහු ජිවත් වුවද, කලාකරුවන්ට සිය නිර්මාණ සමාජගත කිරිමේ දි මුහුණ දෙන කටුක දැ පිළිබ'දව කම්පාවකින් සිටින බව ද මාධ්‍යවේදිනියක ලෙස ඔහු හා කළ කතා බහේදි අවබෝධ කරගෙන සිටින්නෙමි.
කරුණු කාරණා කෙසේ වුවද මේ සා අපූරු ප්‍රතිභාවකින් යුත් අශෝක කෝවිලගේ නම්වු මෙම සංගිතවේදියා මෙවන් රූපවාහිනි නාලිකාවකින් හෝ තවත් මතු කරන්නට ස්වාධින රූපවාහිනි ආයතනයත් , ශනිදා සාදය සංගිත වැඩ සටහන මෙහෙය වන එහි නිෂ්පාදක මණ්ඩලයත් ගනු ලැබූ පියවර ගැන සංගිතය කලාව ආදි සෞන්දර්යාත්මක දේට ඇලුම් කරන අයෙකු ලෙසත්, ඊට ගෞරව කරන අයෙකු ලෙසත් ස්තූතිවන්ත වෙන්නෙමි.
ඒ අතරම සුදුස්සාට සුදුසු දේ හිමිවන සමාජයක් නිර්මාණය වීම ගැන සුන්දර සිහින දැකිම පමණක් නොව එම සිහින මහ පොළවේ යථාර්ථයක් කරන්නට හැකි උපරිම කැප වීම කරන්නට ද හැකිනම් ලෝකය මීට වඩා බිදුවකින් හෝ යහපත් වන බව ද මම විශ්වාස කරන්නෙමි.
අශෝක සර් ඔබට මගේ ආදරණිය සුබ පැතුම්!!
- ලිව්වේ පද්මිණී මාතරගේ
යු ටියුබ් වීඩියෝව - වසන්ති නානායක්කාර .අධ්‍යක්ෂණය කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ ටෝකින් බුක් , කතාකරන පොත් නම් වැඩසටහනට විකාශනය වූවකි.