කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Sunday, 26 January 2025
අපේ අසල්වැසියා බ්‍රයන් 9 - සුනාමිය
Tuesday, 14 January 2025
අපේ අසල්වැසියා බ්‍රයන් 8- ෆ්‍රී මේසන් විත්ති
Everyone must stand alone
I hear you call my name
And it feels like home
I'm down on my knees, I wanna take you there
In the midnight hour, I can feel your power
Just like a prayer, you know I'll take you there
It's like an angel sighin'
I have no choice
I hear your voice
Feels like flying
Oh God I think I'm fallin'
Out of the sky
I close my eyes
Heaven help me
I'm down on my knees, I wanna take you there
In the midnight hour, I can feel your power
Just like a prayer, you know I'll take you there
You whisper softly to me
You're in control
Just like a child
Now I'm dancing
No end and no beginning
You're here with me
It's like a dream
Let the choir sing
I'm down on my knees, I wanna take you there
In the midnight hour, I can feel your power
Just like a prayer, you know I'll take you there
I'm down on my knees, I wanna take you there
In the midnight hour, I can feel a power
Just like a prayer, you know I'll take you there
Everyone must stand alone
I hear you call my name
And it feels like home
Just like a muse to me (oh-oh), you are a mystery (oh-oh)
Just like a dream (oh-oh), you are not what you seem
Just like a prayer, no choice your voice can take me there
Sunday, 29 December 2024
පැට් , ගැට් හා ෆැට් (PAT , GAT and FAT ) පැකේජ් විකිණීමට තිබේ
ගෙදරින් එලියට බැස්ස මම ඉබාගාතේ ඇවිද්දෙමි . මෙහම සවුත්තු කාලයක් කවදාවත් තිබුනේ නැත . අනේ මාමේ , ඔයා මච්චර කලින් ගියේ ඇයි ? ඔය අපිට කොච්චර ආලෝකයක් වුනාද ? දුක වැඩි කමට මට ඇඬුනි . "අනේ සඳුනි..................."
Monday, 23 December 2024
අපේ අසල්වැසියා බ්‍රයන් - 7 - ෆ්‍රී මේසන් බ්‍රයන්
බ්‍රයන් ගේ මුස්ලිම් විරෝධයට හේතුව මට හදිසියේ පසක් විය . එක ලිපියක හෙඩිම වූයේ නයිට්ස් ටෙම්ප්ලර් එකය . ඒ කුමක්ද යන්න ඉතිහාස පොත් කියවා මම දැන සිටියෙමි . කුරුස යුද්ධයේදී සලවුදින් සුල්තාන් ගේ හමුදාවට ශුද්ධවූ ජෙරුසලම බේරා ගැනීමට සටන් කල නයිට්වරුන් ගේ ඔර්ඩර් එකක් හෙවත් සාමූහිකයකි . ඔවුන් පසු කලෙක දැන් ඉස්තාන්බුල් නමින් හඳුන්වන කොන්ස්තන්තිනොපල් නගරය සඳහාද සටන් කලද පසුව තුර්කි ඔටෝමන් හමුදා වලට පරාජය විය. මට මතක විධිහට අයිවන් හෝ නැමැති , රිචර්ඩ් රජු (රිචඩ් ද ලයන් හාට් ) ගැන සඳහන් පොතේද මේ නයිට්වරුන් ගැන සඳහනක් එයි .
Sunday, 15 December 2024
ආචාර්ය මහාචාර්ය ප්‍රයිවෙට් බස්සෙක
මේ සිදුවීම් මීට දශක තුනකට පමණ පෙර සිද්ධ වූ ඒවාය . ලන්ඩන් වලට තම සබැටිකල් එක ගත කිරීමට ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ආචාර්ය වරයෙකු පැමිණියේය . ඔහු තමන් හඳුන්වා දුන්නේ අහවල් ෆැකල්ටියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුමෙකු හැටියටය . තමාට තුමා කියා ගන්නා පුද්ගලයෙකු මා දුටු ප්‍රථම වතාව එයයි .
Friday, 29 November 2024
ලෙනින් පරිත්‍යාග කළ කුරානය
මගේ අදේවවාදීකම ගැන හෝ නිරාගමිකත්වය ගැන බොහෝවිට මා සඳහන් නොකරන මුත් මෑතකදී මාලන් රොෂාන් විසින් නිරාගමිකත්වය ගැන ලියූ වියමනට ප්‍රතිචාරයක් දැමීමට මට අවශ්‍ය වුනි . ඔහු බ්ලොග් ලියන්නෙකු නොවන නිසා එම ලිපියට යොමුවක් දැමීමට නොහැකිය. අදේවවාදිත්වය කොවූර් ගේ පොත් හා වාමාංශික දේශපාලන බලපෑමෙන් ඇති වුවද නිරාගමිකත්වයට බලපෑවේ පුහුල්වැල්ලේ විමලවංශ නම් යතිවරයාන කෙනෙකි . උන්වහන්සේ ගැන ලිපියක් බොහෝ කලකට පෙර ලියා ඇත , මාලන් සඳහන් කරන ලෙසටම නොවුවද ඇලීම අතහැරීම නිරාගමිකත්වය ලෙසට වටහා ගතිමි .
Sunday, 17 November 2024
අහවල් ස්වයංනිර්ණනේ සහ උස්බෙක් විසඳුම
දෙමසකට ඉහතදී අප උස්බෙකිස්තානයේ සංචාරයක යෙදුනෙමු . එම සංචාරය පිළිබඳ ව ලිවීමට බොහෝ දේ ඇතත් මෙය වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලන සන්දර්භයේදී වැදගත් යයි සිතමි . මම , අපේ සංචාරක මාර්ගෝපදේශක ලෙස සිටි උස්බෙක් ජාතිකයා සහ වෑන් රථයේ රියැදුරු වන කොරියන් ජාතිකයා සමග කෝපි එකක් බොමින් සංවාදයේ යෙදුනෙමු . උස්බෙක් ජාතිකයා කී දෙයක් මගේ අවධානයට යොමු වුනි . "අපට හරියටම ස්වයන් නිර්ණන අයිතිය ලැබුනේ 1991 දී . සෝවියට් සංගමයෙන් වෙන් වුනාට පස්සේ. අපේ නිදහස් දිනය 1991 සැප්තැම්බර් එක ට යෙදෙන්නේ ඒ නිසා. " සෝවියට් සංගමය බිඳ වැටුනේ එදාය . උස්බෙකිස්ථානයයේ නිදහස් දිනයද එදාය .
Tuesday, 12 November 2024
බණ්ඩාර අයියාගේ සිහිනය
බණ්ඩාර අයියාගේ සිහිනය
*****************************************
මට බණ්ඩාර අයියාව මුලින්ම මතකයට නැගෙන්නේ ඔහු අපට බාල දක්ෂ ව්‍යාපාරයට එක්වන්නට කළ ආරාධනය නිසාය. ඒ මම හතේ හෝ අටේ පන්තියේ සිටි කාලයේය. ඔහු නාලන්දා විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායමේ සිටි බවට මට මතක ඇත. එසේම ඔහු අපේ බාලදක්ෂ ගුරුවරයා හෙවත් ස්කවුට් මාස්ටර් විය. අප ඔහු කී පරිදි දාහත් වන බාල දක්ෂ කණ්ඩායමට බැඳුනෙමු. එය තිබුණේ කොල්ලූපිටියේ ඇන්ග්ලිකන් පල්ලිය සම්බන්ධවය.
වරක් එහි වත්තේ ගස් දෙකක් අතර කඹයක් දමා එක ගසක සිට අනෙක් ගසට බඩගා යාමට අභියෝගයක් විය. මට කල හැකි වුයේ භාගයක් දුර යාමට පමණි. මම භාගයක් දුර බඩ ගා ගොස් වැටුනෙමි . ජයග්‍රහණය කලේ ප්‍රතිපක්ෂ කාණ්ඩයයි . බණ්ඩාර අයියා කීවේ, භාගයක් හෝ යාම ජයග්‍රහණයක් බවත් අවශ්‍ය නම් ඉතිරි ටික ප්‍රක්ටිස් කර ගිය හැකි බවත්ය. ඔහු අනිකුන් මෙන් අසමත් වීම ගැන උසුළු විසුළු කර සිනා සුනේ නැත.
මට කොහොමත් ඒ කාලේ සිටම යම් යම් දේවල් කැඩීමේ ගැලවීමේ ඇටවීමේ පුරුද්දක් තිබුණි. බණ්ඩාර අයියා වරක් ඔහු ළඟ තිබී බේඩන් පවල් සාමි වරයාගේ , scouting for Boys පොත කියවීමට දුන්නේය. එහි වදන් ලෙහෙසි වුනත් ඒ කාලයේ මට කියවීම අමාරු නිසා ඔහු ළඟ තිබූ ඉංග්‍රීසි සිංහල ඩික්ෂනරිය ද දුන්නේය.
chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/http://www.thedump.scoutscan.com/yarns00-28.pdf
මට හිතෙන්නේ මා තවමත් කැඩුණු බිඳුණු දේවල් අටවන්නේද ඒ නිසා කියාය. මගේ පොඩි දියණියටද අටවන ටූල් සෙට් එකක් තිබේ. ඇයද එවැනි දේට දක්ෂය.
ජනාධිපති පදක්කම හෝ එවැනි දෙයක් සඳහා අපි ඇතුගල්පුර කන්ද නැගීමට කොළඹ සිට බයිසිකල් වලින් ගියෙමු . එය සංවිධානය කලේ බණ්ඩාර අයියාය . දහවල් කන්ද මුදුනට ළඟාවූ අපට බත් පාර්සල් රැගෙන ආවේ ඔහුය. අපොස සාමාන්‍ය පෙළ විභාගය නිසා මම බාලදක්ෂ වැඩ වලට යාම අත් හැරියෙමි . ජනාධිපති පදක්කම ලැබීමට මොකද්දෝ එක කාර්යයක් පමණක් කිරීමට මට ඉතිරිව තිබුණි .
ඒ ගැන මේ ලිපියේද ලියා ඇත .
අපේ ගෙවල් පැත්තේ තිබූ බාස්කට් බෝල් පිට්ටනිය කෙටි සුදු බැම්මක් විය . මේ පිට්ටනියේ සිටින විට හවස් වන විට හිරු රත් පැහැයෙන් බටහිර අහසේ බැස යනු නැරඹිය හැකිය. එසේම මුහුද හා බේරේ වැව පැත්තෙන් මදනලක් ද හමයි. ඒ සිසිලස නිසා සැන්දෑ යාමයේ එහි හිඳ කතා බහ කිරීම බොහෝ අයගේ සිරිත විය. බණ්ඩාර අයියා හොඳින් හැඩ වැඩ දා හැඳ පැළඳ මෙහි පැමිණ යහළුවන් සමග කතා කරයි . ඒ ගැන සමහරු ඔහුට විහිළුවක් දෙකක් කරනුද මට ඇසී තිබේ . මෙවැනි එක දවසක ඔහු තමන් ගේ අනාගත බලාපොරොත්තුවක් ගැන කීවේය.
"මම පොලිසියට බැඳෙනවා. පොලිස් පරීක්ෂක කෙනෙක් වුනහම ඈත ගමක පොලිස් ස්ථානාධිපතිකමක් අරන් යනව. ඒ පැත්තෙන්ම කසාද බැඳලා වැවක් , දොළක් හෝ කුඹුරක් ගාව හොඳට හුළං වදින නිදහස් තැනක ගෙයක් හදල ජීවත් වෙනවා . ගම්වල පොලිසියේ ස්ථානාධිතිට පොඩි තැනක් තියනව . මට පුළුවන් බාලදක්ෂ වැඩේ කරන්න . පාසැල ට , දහම් පාසැලට උදව් කරන්න. අලුත් අවුරුදු උත්සව වලට හෙම කතා කරණ නිසා සහභාගී වෙන ගමන් ගම පළාත හදන්න උදව් වෙන්න පුළුවන්. " මට නම් ඒ හීනයට වැඩිය හිත ගියේ නැත .
"මම නම් ගම් පැති වලට කීයට වත් යන්නේ නැහැ." කවුරු හරි පිළිතුරක් දුන්නේය . අනිත් කොල්ලන් සමච්චලයට සිනා සුනහ .
" ඒ වුනාට කුඹුරක් හෝ වත්තක් වගේ අරගෙන වගා කරන්නත් මගේ අදහසක් තියනව . නිස්කලංකව කරදරයක් නැතිව ජීවත්වෙන්න පුළුවන්, හොඳ ලස්සන තැනක් වෙන්නත් ඕනේ . " බණ්ඩාර අයියා පිළිතුරු දුන්නේය .
මට ඒ හීනයට වැඩි කැමැත්තක් තිබුනේ නැතත් ගමක සුන්දරත්වය දැන සිටි නිසා ඒ අදහසේ අමුතු අරුමයක් නොදිටිමි . අපොස උසස් පෙළ අවසන් කරන කාලයේ මා බණ්ඩාර අයියා දුටුවේ තව එක වරක් පමණකි . ඒ ඔහු කිසියම් දෙයකට තාත්තා හමුවීමට පැමිණ කතා කර ගිය දවසේය . ඉන්පසු මම වැඩිදුර ඉගෙනීම සඳහා සෝවියට් දේශයට ගියෙමි . බණ්ඩාර අයියා පොලිසියට බැඳී තිබුණි . ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස නැගෙනහිර පළාතේ සේවය කළේය .
එක්දාස් නමසිය අසූ හතේ හෝ අසූ අටේ මට ගෙදරින් ලිපියක් ලැබුණි . එහි මගේ පියා ඉතා කණගාටුවෙන් ලියා තිබුනේ බණ්ඩාර අයියා හදිසියේ මිය ගිය පුවතය . පොලිස් උත්තමාචාර මැද ඔහු අවසන් ගමන් ගිය බවද පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස උසස් කරන ලද බවද ලියා තිබුණි .
බණ්ඩාර අයියා ගමන් කල ජීප් රථය නැගෙන හිර පළාතේ දී කොටි බෝම්බයකට හසුව තිබුණි .
මා ලංකාවට ගිය විටක් ඔහුගේ නිවසට ගියෙමි . බණ්ඩාර අයියා ගේ මවත් නැගණියත් දැඩි ලෙස හඬා වැළපුණේ මම බාල දක්ෂයකු වූ කාලයේ නිතර එහි ගොස් බණ්ඩාර අයියා සමග කතා බස් කල බව ඔවුන්ද දැන සිටි නිසාය . මට ඔවුන් ගේ වැළපීම වාවා ගත නොහැකි වුනි .
මාස කිහිපයකට පෙර මගේ මිතුරු ප්‍රොෆා යනුවෙන් මා ආදරයෙන් හඳුන්වන මහාචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මුණ ගැසුණු විට ඔහු තවත් ශෝචනීය හෙළි දරව්වක් කළේය . බණ්ඩාර අයියා ගේ මව හා පියා ඔහුගේ මරණයෙන් නොබෝ කළකට පසු දිවි මං අවසන් කළ බවත් ඔහුගේ නැගණිය වසර කිහිපයකට පෙර පිළිකාවක් හේතුවෙන් ලොව හැර ගිය බවත්ය . එසේම ඉතිරි වුනු එකම ඥාතියා වන ඔහුගේ මළනුවන් ටද ළඟදී කරදරයක් සිදු වුනු බවත්ය . අප දෙදෙනා අතීත කතා වල මදක් ගැලී සිටියෙමු .
මම නිකවැරටිය පැත්තේ ගමක දින කිහිපයක් නැවතී සිටියෙමි . අසල නිවසක ගැමියෙකු ගෙන් එදාම දොවන ලද කිරි බෝතලයක් ලැබී තිබුණු බැවින් යහමින් කිරි දමා සාදා ගත් තේ කෝප්පයක් ඇතැතිව ගෙවත්තේ නිවස ඉදිරිපස පුටුවක ඈඳී ගෙන විවේක ගතිමි . ඉදිරිපසින් තිබුනේ වැවය . වම් පැත්තේ පහලට වෙන්නට කුඹුරු යායකි . වැව පැත්තෙන් කුරුල්ලන් විටින් විට ඉගිල ගියහ . වැව පිස හමන මදනල හේතුවෙන් දැඩි අව් රශ්මියෙන් පීඩාවක් දැනුනේ නැත .
ඉඳහිට වරක් ගැමියෙකු හෝ තුරුණ ගොවියෙකු මෝටර් සයිකලයකින් නිවස පසු කර ගියහ . ඒ හැරෙන්නට පළාතම දැඩි නිහඬතාවකින් පෙළුණි . ලොකු දඬු ලේනකු පොල් ගසකට නගිනු බලා සිටියෙමි . ඌ එළවන්නට මට සිතුනේ නැත .
තලගොයකු ඉව අල්ලමින් පැමිණ නැවත හැරී බඩ ගා ගියේය . මොණරෙකු ගේ කෑ ගැසිමක් ඈතින් ඇසුණි . අන්තර්ජාල පහසුකම් වලට ගෙවා තිබුනද එය වැඩ කලේ නැත . සිම් කාඩ් එකක් සම්බන්ධ නොකළ නිසා මගේ විදේශ ජංගම දුර කථනයට ඇමතුම් ලැබෙන්නේද නැත .
කියවමින් තිබූ පොතද පසෙකින් තබා මම වැව දෙස හා අවට පරිසරය ද නරඹමින් තේ කෝප්පය තොල ගෑවෙමි . ඒ නිහඬ නිස්කලංක බව තුල සිතට දැනුනේ මහත් සහනයකි . සාමකාමී බවකි .
මට ඒ මොහොතේ සිහි වුනේ බණ්ඩාර අයියාය . ඔහුගේ සිහිනය වූයේ මෙවැන්නක්ද? තමන්ගේ සිහිනය සාක්ෂාත් වන්නට පෙර ඔහු දිවි හැර ගියේය . ඒ වෙනුවට පිටරට සිට පැමිණි මම ඒ නිස්කලංකය විඳිමින් සිටිමි . මට ඇති වූයේ පසුතැවිල්ලක් හා වරදකාරී හැඟීමක් ය . බණ්ඩාර අය්යා පැවසූ ගමක අසිරිය මෙය යයි මම වටහා ගතිමි . ගම්වල නොයෙකුත් ප්‍රශ්න , මිනිසුන් ගේ කුඩුකේඩු කම් ආදිය තිබෙන බව සැබෑය . ඒ අතරේ තමන්ට අවශ්‍ය නම් හුදෙකලා සුන්දරත්වය විඳීමට ගමෙන් බාධාවක් නැත . තෝරා ගැනීම ඇත්තේ අප වෙතය .
මට බණ්ඩාර අයියා ට සමු දීමට අවස්ථාවක් තිබුනේ නැත . ඔහු දුටු අනාගත සිහිනයේ එක කොටසක හවුල්කාරයෙකු වීමට මට හැකිවිය . ඒ මොහොත වෙනුවෙන් මම ඔහුට ස්තූති වන්ත වෙමි .
එනිසා වසර විසි ගණනකට පසුව හෝ මෙසේ ලියමි .
බණ්ඩාර අයියේ සුභ ගමන් .
-- අජිත් 12/11/2024