ට්‍රම්පච්චි, සෙලෙන්ස්කි මලයා සමග පූටින් බ්‍රදර් -------------------------------------------------------------------------------
මම අවුරුදු එකහමාරකට කලින් ලිපියක් ලීව රුසියන් යුක්රේනියන් යුද්ධේ ගැන . ඒ මේක . මතකද දන්නේ නැහැ මම එකෙ ලිව්වා , ඩී ජී එම් බසුතුමා මොනවා කීවත් සෙලෙන්ස්කි බ්ලාස්ට් වෙන්න නියමිතයි කියල . රනිල් 2020 කියන්න කලින් අපි ලීවේ හරිද , ඊටත් කලින්😆 . මම ඔය රුසියානු ඉතිහාසයත් එක්ක යුද්ධය ලියන්න පටන් ගනිද්දී , ෆේස්බුක් ඔස්තාර් ල විවේචනය කළානේ , ඒ ගොල්ලන්ගේ ප්‍රධාන තර්කය වුනේ "ඉතිහාසය වැඩක් නැහැ, පූටින් කියන ඒකාධිපතිය නිදහස් රටක් ආක්‍රමණය කළා. ඒකට විරුද්ධ වෙන්න ඔය කියන ඉතිහාසය අවශ්‍ය නැහැ , කියන එක ." තවමත් ඒ ගොල්ලෝ වැරදියි කියන එක ඒ ගොල්ලන්ට පිලි ගන්න බැරි වෙලා .
උක්රයිනයේ මිනිස්සු හැම වෙලේම නිදහසක් වෙනුවෙන් සටන් කළා . නමුත් ඒ බටහිර උක්රයිනයේ . පළමුවන ලෝක යුද්ධය අවසන් වෙනකොට තමා සෝවියට් දේශය පිහිටවුණේ . සෝවියට් බලයට එරෙහිව සටන් කරපු තවත් සමාජවාදී කණ්ඩයක් හිටිය දැන් යුක්‍රේනය කියන පෙදෙසේ. කළු හමුදාව කියල . බටහිර යුක්රේන මහජන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව කියල එකක් ඒගොල්ලෝ පිහිටුවාගෙන අවුරුද්දක් විතර අරන් ගියා , පසුව ඔවුන් රතු හමුදාවට යටත් වුනා. නමුත් ඔවුන් අසීමිතව නිදහසට කැමතියි . යුරෝපයේ පොඩි රටවල් ගොඩක් තියනවා නේද ? ඔස්ට්‍රේලියාව තරම් ලොකු නැති වුනත් . ඒ නිදහසට කැමති නිසා . අනික යුක්රේනයේ බටහිර පැත්තේ ඉවාන ෆ්රන්කොව්ස්ක් වගේපැති වල ඉන්න මිනිස්සු වයිකින් වරුන්ගෙන් පැවත එන්නේ . ඔවුන් නැගෙනහිර කොටසේ ඉන්න රුසියානුන් හෝ බෙලොරුසියානුන් වගේ ස්ලාව් ජාතිකයෝ නෙමේ . ඔවුන් කලින් යටත් වෙලා හිටියේ පෝලන්ත ලිතුවේනියානු අධිරාජ්‍යයට සහ ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යයට . ඒ කියන්නේ මේ කොටස නිදහස් රටක් වශයෙන් කවදාවත් තිබ්බේ නැහැ . එතකොට කවුද යුක්‍රේනය කියන රට හැදුවේ. ලෙනින් ට්‍රොට්ස්කි ලා සෙට් එක සෝවියට් දේශය කියන රට හදන කොට යුක්‍රේන සමාජවාදී සමුහාණ්ඩුව කියල එකක් හැදුව. ඕක තමා ඔය දැන් තියෙන යුක්‍රේනය .
ඔතන තියෙන ල්වොව් කියන නගරය යුක්රේනයට මුලදී අයත් නැහැ . දෙවන ලෝක යුද්ධයේ රතු හමුදා පෝලන්තය මුදා ගන්න කොට මුදා ගත්ත නගරයක් ස්ටාලින් යුක්රේනයට දුන්නේ .
එතකොට ක්‍රිමියාව , ඒක රුසියාවේ කොටසක් එක්දාස් හත්සිය ගණන් වල ඉඳල . තුර්කියට අයත් නිසා බහුතර ජනතාව ටටාර් ජාතිකයන් ඒ කාලේ . නමුත් ප්‍රදේශය දියුණු කරන්න, ස්ටාලින් ටටාර් ජාතිකයන් බලෙන් පන්නලා රුසියානුවෝ පදිංචි කෙරෙව්වා. (ලංකාවේ ගල් ඔය ව්‍යාපෘතිය වගේ) පොහොසත් රුස්සෝ ඒ කාලෙත්, කොමියුනිස්ට් පක්ෂේ උසස් නිලධාරීන් පසුවත් ග්‍රීෂ්ම නිවාඩුව ගත කලේ එහෙ කළු මුහුදේ . බී ගත්ත වෙලාවක සෝවියට් දේශයේ හිටිය යුක්‍රේන ජාතික ජනාධිපති කෘෂෙව් තමා ක්‍රිමියාව යුක්රේනයට ලියල දුන්නේ . ඒ ලියවිල්ල නිත්‍යානුකුල නොවන එකක් . නමුත් 1991 සෝවියට් දේශය කැඩුනම ජනාධිපති යෙල්ට්සින්, ක්‍රිමියාව යුක්රේනයටම දෙන්න කැමති වුනා කොන්දේසි දෙකක් මත . රුසියානු බ්ලැක් සී ෆ්ලිට් එක (රුසියානු නාවික හමුදාව ) සහ සෙවස්තෝපල් වරාය රුසියාව තියා ගන්නවා කියල . ඒකට වසරකට ඩොලර් මිලියන් පනහක් දෙනවා කියලත් යුක්රේනයට කුලිය් වශයෙන් (ගාණ මතක විධිහට ලිව්වේ ) .
යුක්රේනයට සෝවියට් කාලේදී ලොකු අසාධාරණයක් උනා . ස්ටාලින් කියන සෝවියට් නායකයා බලෙන් සමූහ ගොවිපල හදන්න ගිහින් මිලියනයක විතර ගොවියන් ඝාතනය වුනා හෝ බඩගින්නේ මිය ගියා . ඒ නිසා ඇතිවුණු සාගතයෙන් තව මිලියනයක් විතර මලා . මේක ඕනෑකමින් කලාද නැත්ඩ් අකියන් එක තවමත් ප්‍රශ්නයක් . මේ සිද්ධියට කියන්නේ හොලොදොමෝර් Holodomor කියල . ඒ හේතුවම උනත් ඇති ඔවුන්ට නිදහස ඉල්ලා සටන් කරන්න .
නේටෝව ගත්තොත් මම ලඟදි ඉංග්‍රීසියෙන් පොඩි සටහනක් ලිව්වා ඒ ගැන . 1946 දී රටවල් දහයයි තිබ්බේ නේටෝවට . බටහිර යුරෝපයේ රටවල් , ඇමෙරිකාව සහ කැනඩාව . මූලිකව සෝවියට් දේශයට හා කොමියුනිස්ට්වාදය පැතිරීමට විරුද්ධව තමා ඒක හැදුවේ . 1991 බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය එක්කහු කරන්න ගොර්බචෝව් අවසර දෙනකොට නේටෝව සෝවියට් දේශය අසලට ගේන්නේ නැහැ කියල ගොර්බචෝව් ඉල්ලලා තියෙනවලු . නේටෝව කියන්නේ එහෙම පොරොන්දුවක් දුන්නේ නැහැ කියල . දුන්නත් වැඩක් නැහැ ඊට පස්සේ සෝවියට් දේශය බිඳී විසිර ගිය නිසා කියල . නමුත් ගොර්බචොව් ඕකට අප්‍රසාදය පල කරලා පස්සේ දේශන කිහිපයක් කළා . යෙල්ට්සින් බලය ගන්න කොට රුසියාව හොඳටම වැටිලා දණ ගහනවා, එපමණ තෙල් ගෑස් ආදී සම්පත් බහුල රටක් වෙලත් . ඇමෙරිකන් , බ්‍රිතාන්‍ය හා යුරෝපිය කම්පැනි රුසියාවේ පිනුම් ගහන්න ගත්ත . හැමෝම පොහොසත් වුනා . යෙල්ට්සින් අයින් කරල පුටීන් බලයට පැමිණියා 2000 දී . නේටෝව 2004 දී තවත් රටවල් 15 එකතු කරගෙන විශාල වුනා . ඒ රටවල් ඔක්කොම වගේ පරණ සෝවියට් දේශය කාලේ තිබ්බ සමාජවාදී රටවල් සමූහය . මින් එස්ටෝනියාව හා ලැට්වියාවට රුසියාව සමග දේශ සීමාව තියනවා . ඒ කියන්නේ නේටෝ හමුදා වලට කෙලින්ම රුසියාවට ඇතුළු වෙන්න පුළුවන් එතනින් . එතකන් රුසියාව සහ අනිත් නේටෝ රටවල් අතර බෆර් සෝන් කියල හඳුන්වන වෙන රටවල් තිබ්බ. මේ අවස්ථාවේදී තමා දැන් ප්‍රසිද්ධ කතාව වන පූටින් ඉල්ලන්නේ - එයාලවත් නේටෝ එකට ගන්න කියල . මුලදී කැමති වෙලා පස්සේ ක්ලින්ටන් හිනා වෙලා කියල තියනවලු (පොතක තියනවා මේ ගැන ) - "එතකොට අපේ හතුරා කවුද ? කාට විරුද්ධවද ආයුධ නිෂ්පාදනය කරන්නේ කියල" . අමතක නොකළ යුතු දේ තමා ක්ලින්ටන් ගේ සිට බයිඩන් දක්වා අයට ඇමෙරිකන් ආයුධ කම්පැනි සල්ලි දෙනවා කියල ජනාධිපතිවරණයේ ප්‍රචාරක මුදල් සඳහා .
දැන් ඔය පසුබිම යටතේ තව කතාවක් එනවා රුසියාව ක්‍රිමියාව ආක්‍රමණය කරපු එක . මතකනේ මම ලිව්වා රුසියාව පූටින් යටතේත් බ්ලැක් සී ෆ්ලිට් එක තියන් ඉන්න සල්ලි ගෙව්වා කියාල . අර යනුකොවිච් කියන රුසියාවට හිතැති එකා දිනලා යුක්රේනය යුරෝපා සංගමයට යන්නේ නැහැ කියල කීව මතකද . ඊට පස්සේ මයිඩන් කියල අරගලයක් ආවා මතකද . යනුකොවිච් කියන්නත් හොඳ එකෙක් නෙමේ . ටිකක් කළු චරිතයක්. දූෂණ චෝදනා තියෙන . කොහොම හරි පොර එළවලා ආපු එක්කෙනා ඇමෙරිකාවට පොරොන්දු වුනා සෙවස්තෝපල් වරායට සහ කළු මුහුදට එන්න ඉඩ දෙනවා කියල ඇමෙරිකානු යුධ නැව් වලට, මුදලට . ඔන්න ඕක පූටින් තමන්ගේ ඔත්තු සේවා හරහා දැන ගත්ත . දේශ ද්‍රෝහී ඇමෙරිකන් කාරයෝ ඉන්නවනේ . පූටින් ඇමෙරිකාව එන්න කලින් ක්‍රිමියාවට ගහල අල්ල ගත්ත . ඊට පස්සේ එක එක කතා කියන්න ගත්ත ඒක සාධාරණිකරණය කරන්න.
හරි ඕක තමයි බැක් ඩ්‍රොප් එක .
රුසියානුන්ට සලකන්නේ නැහැ , භාෂාවට සම තැන දෙන්නේ නැහැ . වගේ කතා කියල ඊට පස්සේ රුසියාව යුක්‍රේනයේ රුසියාවට ආසන්න කොටස ආක්‍රමණය කළා . ඇත්ත හේතු නම් ධනවාදයේ පැවැත්ම කියන එක. මේ දොන්බාස් පෙදෙස වටිනා ඛනිජ වලට සහ ගෑස් වලට, ගල් අඟුරු වලට ප්‍රසිද්ධයි. ක්‍රිමියාවට පාණිය ජලය නැහැ වතුර ලබා ගන්න මාර්ගයක් නිදහස් කර ගන්න ඕනේ. පූටින් යුක්රේනය ට ස්පෙෂල් ඔපරේෂන් කියල යුද්ධයක් ගෙනාවේ ඒකට. නේටෝව ත් ප්‍රශ්නයක් තමා . ඒ බෆර් සෝන් එකත් හදන්න ඕනේ. එතකොට යුරෝපිය රටවල් සහ ඇමෙරිකාව මේ ආක්‍රමණයට විරුද්ධව යුක්රේනයට සහය දුන්න . මුලින් නිවැරදියි වගේ පෙනුනත් ඇතුලෙන් බැලුවහම මේ රටවල් වල ආයුධ කම්පැනි තමා දිනුවේ කියන එක හොඳින් පේනවා . ඒවායේ කොටස් මිල ගණන් ඉහල ගියා . කෝවිඩ් වලින් වැටිලා තිබ්බ මේ රටවල ආර්ථිකය යුක්‍රේනය ට පින් සිද්ධ වෙන්න ටිකක් ගොඩ ගියා .
දැන් ඇමෙරිකාවට ඒ ඇති . යුද්ධේ නවත්වලා වෙන විධිහකින් මුලද්‍රව්‍ය , ධනය , මිනරල් බෙදා ගන්න ඕනේ . නැත්නම් කොල්ල කන්න ඕනේ . නිකන් ගෑස් තෙල් අදිය පිරිලා තියෙන ග්‍රීන් ලන්තය ඕනේ කියල ඉල්ලන්නේ ඒකයි . මේ තමයි සිපිරිසිදු ධනවාද . ඒක ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි . ඒකට එතික්ස් මුකුත් නැහැ .
ඩිල් එකක් එනවා ගිය අවුරුද්දේ අග . මෙච්චර කල් ආයුධ බලයෙන් සිරියාව අල්ලාගෙන හිටි අසාද් සහ රුසියන් හමුදා පැය 24 ඇතුලත ගහල අල්ල ගන්නවා මුස්ලිම් ගරිල්ලා කණ්ඩායමක් . පුදුමයි නේද . සමහර ෆේස්බුක් උන්දලා රුසියාවට හෙම හිනා වෙනවා දැක්ක . කොහොමද දුන්න ගේම කියල . බම්බුව තමා . උන් (රුසියානුන් ) ගැහුවේ නැහැ . ගැහුවේ නැත්තේ ඩිල් එක නිසා . ඊශ්‍රායලය ට තිබ්බ ලොකුම අභියෝග තමා ඉරාකයේ සදාම් , ලිබියාවේ ගඩාෆි , සිරියාවේ අසාද් , ඉරානයේ අයටොල්ල . තුනක් ඉවරයි . පූටින් ට සිරියාව වැඩක් නැහැ යුක්‍රේනයේ අල්ල ගත්ත කෑල්ල තියෙනවනම් . ඒක තමා ඩිල් එක . සිරියව දුන්නා . අසාඩ් රුසියාවේ හොඳින් . අන්න ඉරාකේ වගේ මරා ගන්නවා සිරියාවේ . ඒවා එහෙමයි වෙන්නේ.
එතකොට නේටෝව රුසියාව වට කරන්නේ ඇත්තටම රුසියාව ගහයි කියල බයටද ? රුසියාව ඔය ජෝර්ජියාව වගේ පොඩි රටවලට තග දැම්මට නේටෝ රටවලට ගහන්න එන්නේ නැහැ කීයටවත්. එතකොඅට් ඇයි මේ . රුසියාව කියන්නේ ධන ආකාරයක් . ලෝකේ දකුණු අප්‍රිකාවට පස්සේ හොඳම දියමන්ති තොගේ , වටින ඛනිජ ද්‍රව්‍ය , තවම හරා නොගෙන ඇති තෙල් සහ ගෑස් නිධි , මේ වගේ ධන ආකාරයක් . ලෝකේ ලොකු රටවල් ඒ විධිහට හැමදාම තියෙන්නේ නැහැ , ඒ රටවල් ළඟ හමුදාව තියන් ඉන්න රටවල් තමා ඉස්සෙල්ලම රිංගල ධනය බෙදා ගන්නේ . ඉතිහාසය බලන්න .
දැන් සෙලෙන්ස්කි මොන මගුල කීවත් යුක්‍රේන කෑල්ල ඇමෙරිකාව දීල ඉවරයි . ඉස්සරහට පූටින් හුඟක් වෙලාවට කැමති වෙයි යුරෝපීය ආමි එකක් එනවට යුක්රේනයට . තමන්ට අවශ්‍ය කෑල්ල අරන් තියෙන්නේ . ජෝර්ජියාව හා මල්දෝවා රටවල් දෙකත්, දෙකට කඩලා තියෙන්නේ. ධනවාදය හුඟක් වෙලාවට අනුකම්පා විරහිතයි . මෙතැන උනේ ඒක . ග්‍රීන්ලන්තය පවා ඇමෙරිකාවට දෙන්න වෙනවා .
තුන්වන ලෝක යුද්ධය වැලකිලා තියෙන්නේ දැනට .
යුක්‍රේනයේ ඇත්ත තත්වය තමා සටන් අක්රනන් සොල්දාදුවෝ නැහැ . ආණ්ඩුව බලෙන් පාටි වලට , ගෙවල් වලට පැනලා යුද්ධ අක්රනන් පුළුවන් පිරිමි අල්ලලා ගෙනියනවා . රුසියාවට මුලදී බාන්නට දැන් යුක්රේනයත් සිරකරුවන් ට සමාව දීලා යුධ පෙරමුණට යවනව . යුධ පෙරමුණෙන් සෑහෙන ප්‍රමානයක් පැනලා යනවා . කොටින්ම යුරෝපීය හමුදාවක් වත් ගියේ නැත්නම් තත්වය අන්තිමයි .
මෙතන හරි කවුද කියන්න මම දන්නේ නැහැ . සෙලෙන්ස්කිත් හරියට ගොර්බචෝව් වගේ . ලෝකය ගොර්බට හෙන ආදරෙයි . ජර්මනිය එකතු කරපු නිසා ජර්මන් අය විශේෂයෙන් . රුසියානුන් ට ගොර්බව පෙන්නන්න බැහැ . සෙලෙන්ස්කිට ලෝකයා ආදරෙයි . යුක්‍රේන මිනිසුන්ට එයාව පෙන්නන්න බැහැ .
පස්සේ එකතු කරප කොටස :
මොකද්ද බොරිස් ජොන්සන් (හිටපු බ්‍රිතාන්‍ය අගමැති ) ගේ ගේම් එක . එයා තමා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් අයින් කරන්න මූලික වුනු කෙනා. ඒකෙන් දෙපැ ත්තම දුර්වල වුනා . ඒ දවස් වල හෙන බොරු තොගයක් කිව්වා . ගොවීන්ට වැඩිපුර සල්ලි දෙනවා . NHS එකට සල්ලි දෙනවා වගේ කතා . සුද්දා සහ මේ රටේ ඉන්න එත්නික් ජනතාව (ඊඉයං , ශ්‍රී ලන්කන් , කළු ජාතිකයන් ආදීන්) චන්දෙ දුන්න . මිනිහගේ සහ එයට බැක් කරන කොන්සවේටිව් සෙට් එකේ මූලික අභිප්‍රාය යුරෝපා සංගමය බිඳින එක. සෙලෙන්ස්කි පූටින් එක්ක ගහන්න ගිය සාම ගිවිසුම නැවැත්තුවේ එයා . එතකොට දැන් සෙලෙන්ස්කි අයින් කරලා ට්‍රම්ප් වැඩේ සෙට්ල් කරන කොට යුරෝපා සංගමයට කෙල වෙනව. ඊට කලින් ජර්මනිය සහ රුසියාව අතර දාපු ඩොලර් මිලියන් නමයක තෙල් සහ ගෑස් නලය යුක්රේන් ජාතිවාදීන් පුපුරා හැරි නිසා හා ලාභ රුසියන් තෙල් සහ ගෑස් නැති නිසා ජර්මනිය ආර්ථික වශයෙන් වැටිලා ඉන්නේ . ප්‍රංශය උනත් අසාධ්‍ය තත්වයක ඉන්නේ. යුරෝපා සංගමයම ට කෙලවල දාන්න මේක තමා හොඳම වෙලාව. ඊට පස්සේ වේදේ දෙන්නේ චීනයට . හැබැයි ඉතින් .............
කොළඹ ගමයා - 09/03/2025
පරණ ලිපි :
.


















